IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මුහුදු රැල්ලට ගිය දරුවාගේ සිරුර දින 4 කට පසු හමුවෙයි

(ඔගස්ටින් ප්‍රනාන්දු )                  

හලාවත ඉරනවිල වෙරළට ගොඩ ගසා තිබු දැරියකගේ  මෘත ශරීරයක්  අද  (21) උදේ  හමුවු බව හලාවත පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මිගමුව දුන්ගාල් පිටිය අලුත්කුරුව ධීවර ගම්මානයේ විසු ලක්මාවඩු තමාෂා රොෂේලි  නමැති අවුරුදු දෙකකුත් මාස හතරක් වයසැති දැරියකගේ බවට හදුනා ගත බවත් කියයි.

මෙම දැරිය හා ඇගේ දෙමාපියන්  දින 15 ට පමණ කලින් දුන්ගාල් පිටිය වෙරළාසන්නයේ නිවසක පදිංචියට පැමිණ ඇති අතර ඉකුත් 18 වන දින පස්වරු ඇගේ දෙමාපියන් දර කපමින් සිටිය දි දැරිය කිසිවකුටත් නොදැනෙන්න වෙරළට ගොස් සෙල්ලම් කරමින් සිටිය දි රැල්ලකට හසුව මුහුදට ගසා ගෙන යමින් සිටිය දි පුද්ගලයෙකු දැක දැරියගේ දෙමාපියන්ට දැනුම් දි ඇති බවත් ඔවුන්  දැරිය ගලවා ගැනීමට වෙහෙසි ඇතත් ඒ වන විටත් දැරිය ඈත දියඹට ගසා ගෙන ගොස් අතුරුදන්ව ඇති බවත්  දුන්ගාල් පොලිසිය කිය.

මෙයට කලින් අවස්ථාවක දිද දැරිය මෙවන් විපතකට මුහුණ දිමට ගොස් බේරා ගෙන ඇති බවත් කියයි.

මුහුදෙහි අතුරු දහන්වු මෙම දැරිය සොයා පරික්ෂණ පවත්වමින් සිටිය දි ඇගේ සිරුර අද (21) උදේ ඉරනවිල වෙරළට ගොඩ ගසා තිබු අතර ඇගේ දෙමාපියන් විසින් සිරුර හදුනා ගෙන ඇති බවත් මරණ පරික්ෂණ කටයුතු සදහා හලාවත රෝහලට සිරුර ගෙන යන බවත් කියයි.

දුන්ගාල් පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂන රණසිංහ මහතා හා හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරති.



අදහස් (2)

මුහුදු රැල්ලට ගිය දරුවාගේ සිරුර දින 4 කට පසු හමුවෙයි

Lalith M Thursday, 21 October 2021 05:57 PM

වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා නැතිවූ ජීවිතයක්...

:       5       3

j a n a ප්‍රදීපා ජයකොඩි Friday, 22 October 2021 03:52 PM

මෙච්චර චූටි ළමයෙක් තනියම මුහුදට යවන්නේ මොන අම්මද?

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 513 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site