(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩු අදහස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට හෙට (11) පස්වරුවේ කැඳවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 5.30 ට කැඳවා ඇති මෙම සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමටද ශ්‍රීලනිපයේ සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේද යන්න තීරණය කිරීමේ බලය හිටපු ජනාධිපතිවරයාට පැවැරීම එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසේදී පෙරේදා පැවැති සාකච්ඡාවේදී කතාබහට ලක්වු කාරණා සහ තීන්දු තීරණ අද පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේ දී දැනුම් දෙනු ඇතැයි වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් මේ මස 16 වැනිදා පස්වරු 7.00 ට ජනාධිපති මෛතීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.
ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි දැන ගන්නට තිබේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ජනාධිපතිවරයා විසින් ළඟදීම කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද තියන්නේ නැතුව මේවගේ ආණ්ඩු මාරු කර කර ඉන්නකෝ. ඡන්දවලට වියදම් කරන මුදලුත් ඉතුරු වෙනවා. අපේ මෝඩකම් වලට සීමාවක් ඉබේම පැනවෙනවා. මොකද ඡන්ද තියලා නියෝජිතයෝ පත් කළා කියලා අපිට වෙන සෙතක් තියෙනවද.
ඡන්ද තියන්නේ නැතුව මේවගේ ආණ්ඩු මාරු කර කර ඉන්නකෝ. ඡන්දවලට වියදම් කරන මුදලුත් ඉතුරු වෙනවා. අපේ මෝඩකම් වලට සීමාවක් ඉබේම පැනවෙනවා. මොකද ඡන්ද තියලා නියෝජිතයෝ පත් කළා කියලා අපිට වෙන සෙතක් තියෙනවද. ඒ අයට ඕනේ ඕනේ වෙලාවට පිල් මාරු කරගෙන කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි පිල්ලි ගහනවා. අපි කොට ඇදලා පත් කලාම ඒ අය විල්ලුද පලස් වල ගරු ගාම්බීරව පෙරහරේ යනවා.
ඒ කියන්න දෙගොල්ලක් එකතුවෙලා කාපු රට තුන් ගොල්ලොම එකතුවෙලා කන්නද? එතකොට තවත් ඇමතියන් 20 පමණ වැඩිවෙනවාද?
එක හොඳයි අපි පා.ම. මහින්දව අගමැති කරවමු. ටික දවසකින් අරයව පන්නලා ජනාධිපති කර ආයෙමත් පරණ සෙල්ලම පටන් ගමු.
මේ රට මොනතරම් සුන්දර රටක්ද? සරුසාර මහපොළොව, රට වටේම සුන්දර මුහුදු වෙරල, ලස්සන ගංගා නිම්න හැමතැනම, කදුවැටි දියඇලි කොතරම්ද. ඒත් මේ රට පාලනය කරන්නේ මොනතරම් අසුන්දර මිනිස්සුද? මේ අය දැන් මහජන මුදල් ප්‍රකෝටි ගනම් හොරකම් කර කර දැන් අවුරුදු 70ක් නිදහසින් පස්සේ මොනවද කලේ. මේ රට සුද්දා පාලනය කලා නම් අපේ රට අද හොන්කොන් වගේ ඉතාම දියුණු රටක්. දැන් රටට අවශ්‍ය වන්නේ අලුත්ම නායකයෙක් මිසක් මේ ඉන්න රට විනාස මුඛයට දමපු කම්බ හොරු නෙමෙයි.
මේ සාකච්චා වලට අපෙන් අයතා ලෙස ලබාගත් මුදල් යොදවන්න කියල අපි කැමැත්තෙන්ම යෝජනා කරනවා . මොකද මොවුන්ට දැන් කිසිම පිටස්තර ආදායමක් නැහැනේ .
භාරකාර ආණ්ඩුවක් ගෙනල්ලා තුනෙන් දෙකේ බලයක් හදල දෝශාභියෙගයක් ගෙනල්ලා ඉන්න ජනාධිපති පන්නලා එයාලගේ කෙනෙක් ජනාධිපති කරන්න යන යටිපුට්ටු වැඩක් මේ .
කට්ටියම විශේෂ මහ අධිකරණයට බය වෙලා වගේ.
මොනවට මේ විදිහට කාලේ කාදමනවද අපට නම් තේරෙන්නේ නැහැ. එක එක දවසට එක එක තැන්වල එකතුවෙලා හොඳට කාල බීල අන්තිමේට තීරණය කරනවා "මහින්ද මහත්තය කියන ඕනෑ එකකට අපි ඔට්ටුයි" කියල. කොහොම උනත් නීතියට අනුකුලව ඔය කියන එක ක්‍රමයකින්වත් "ආණ්ඩුව පෙරලන්න" බැහැ කියලනේ ඒගැන දන්නා අය කියන්නේ. ඇයි ඉතින් ඕන බොරුවක් ඇත්තවගේ මවා පාන්න සුර කතා කාරයෝ සෙට් එකක්ම ඒගොල්ලෝ ළඟ ඉන්නවනේ.
ජනපතිවරයා හරි කල්පනාවක ඉන්නෙනම් කිසිම දාක මෙවන් අය සමඟ කිසිම හවුලකට යන්නේ නැහැ මේ දගලන්නේ අලුත් අධිකරණයේ ඉදිරියේ වරද කරුවන් වීම වලක්වාගන්නයි...... 2020 හෝ 2021 මැතිවරණය එන තෙක් කිසිම හවුලක් මේ අය සමග නොපවත්වන ලෙස හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදන් පැන්න හා දැන් ඔය කියන අනාථ කදවුරේ ඉන්න සියලු දෙනාගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසි කර ඔවුන්ට එන ඡන්දයෙන් දිනුම ලබාගන පාර්ලිමේන්තුවට එන ලෙස දැනුම් දෙන ලෙසද ජනපතිගෙන් ඉල්ලා සිටිමි
බයවෙන්න එපා භාරකාර ආණ්ඩු තියා මොන ආණ්ඩු පිහිටුවන්ණත් මෙයාලට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්න ඕනා. පාර්ලිමේන්තු ආසන 85ක් තියාගෙන භාරකාර ආණ්ඩු පිහිටුවන්න කාතාකරන මෙයාලගේ මොළය කොලොප්පන් වෙලාද කොහෙද.