IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැලිසර කඳවුරේ කොරෝනා ඉවරයි

(*** සුජිත් හේවාජුලිගේ)

වැලිසර කඳවුරේ පැතිර ගිය කොරෝනා වසංගතය අවසන් හෙයින් ඒ කඳවුර සාමාන්‍ය කටයුතු සඳහා යළි විවෘත කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට ඊයේ (18) නිල වශයෙන් දැනුම් දී ඇත.

වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට සුරක්ෂිත කලාපයක් බවට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබූ අතර ඔහු ඒ බව නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.

වැලිසර නාවික රෝහල හැරෙන්නට වැලිසර කඳවුරේ සියලුම අංශ මේ අනුව විවෘත කළ හැකි බව ද දැනුම් දී ඇත.

වැලිසර නාවික හමුදා රෝහල පමණක් ලබන 25 වැනිදායින් පසුව විවෘත කරන්නැයි නාවික හමුදා ප්‍රධානීන්ට දැනුම් දුන් බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය ‘ලංකාදීප’යට ඊයේ (18) පැවැසුවාය.

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි කී ගමගේ මහත්මිය නාවික භටයන්ගෙන් සියයට අනුවකට වැඩි පිරිසකගේ නිරෝධායන කටයුතු ද අවසන් වී ඇතැයි ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අප නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ නිශ්චිත සෞඛ්‍ය නිර්දේශ ලැබී ඇති හෙයින් වැලිසර නාවික කඳවුර අද හෙටම විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

කඳවුර විවෘත කිරීමට පූර්ණ විෂබීජහරණයකට ලක් කළ යුතුව තිබෙන බව ද නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.

 

කොරෝනා පැතිර යෑමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කලාපයක් බවට පත් කෙරුණේ ඉකුත් අප්‍රියෙල් මස 23 වැනිදාය.

 



අදහස් (3)

වැලිසර කඳවුරේ කොරෝනා ඉවරයි

MO77 Friday, 19 June 2020 07:43 AM

කඳවුරේ සියලුම දෙනාට පී.සී.ආර්. ටෙස්ට් එක කරලද තියෙන්නේ? ගමගේ මහත්මිය නාවික භටයන්ගෙන් සියයට අනුවකට වැඩි පිරිසකගේ නිරෝධායන කටයුතුද අවසන් වී ඇතැයි ප්‍රකාශ කළාය. එතකොට අනික් සියයට 10 ?

:       1       1

wijendra Friday, 19 June 2020 11:54 AM

මෙම ලිපියට අනුව නිරෝධායන මධ්‍යස්ථාන ඔවුන් සතුව තිබිය යුතුයි.

:       0       0

isuru Friday, 19 June 2020 12:21 PM

මෙයා දැන් පචවෙලා ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 2 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site