IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


සයිටම් වෙනුවට විකල්ප ආයතනයක් පිහිටුවන්න රජය සැරසෙනවා - වෛද්‍ය හරිත අලුත්ගේ

(නිමල කොඩිතුවක්කු)      

සයිටම් ආයතනය වෙනුවට වෙනත් විකල්ප ආයතනයක් ස්ථාපිත කිරීමේ උත්සාහයක රජය නිරත වන බවත් සියලූ බලවේග සමග එක්වෙමින් සයිටම්වලට වැඩි ප‍්‍රතිරෝධයක් එම නව ආයතනය සඳහා යොදවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද(4) පැවසීය.

සයිටම් ආයතනය අහෝසි කිරීමත්  එම ආයතනයේ  දැනට ඉගෙනුම ලබන  පිරිසට සාධාරණ විසදුමක් ලබාදීමත් ජනාධිපති කමිටුවේ ප‍්‍රධාන කාර්යය විය යුතු බවද ඒ මහතා කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැල්ලේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

‘‘සයිටම් ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපති කමිටු වාර්තාව පසුගිය ඔක්තෝම්බර්  29 වැනිදා ප‍්‍රකාශ කළා. අපි එයට ක්ෂණිකව  අපේ ප‍්‍රතිචාර දැක්වුවා. එහි සාධනීය යෝජනා කිහිපයක්ම තිබුණා. ඒ වගේම  එම වාර්තාව තුළ නිවැරදි විය යුතු කරුණු රැසක් තිබුණා. අපි කරපු නිරීක්ෂණ පිළිබඳ අමාත්‍ය හර්ෂද සිල්වා මහතාට අපි ලිපියක් යොමු කළා. ඔක්තෝම්බර්  29 වැනිදා රජයේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච එක කාරණාවක්  තමයි මේ සයිටම් කියන ආයතනය  අහෝසි කර නව ආයතනයක් බිහිවෙනවා කියපු කාරණාව. එතනදි  රජය කියනවා  මෙම නව ආයතනය ලාබ නොලබන එකක් වෙන්න ඕන කියලා.  තව පැත්තකින් කියනවා මේක රාජ්‍ය නොවන එකක් කියලා. එය වෙනත් වචන වලින් කිව්වොත් පෞද්ගලික වෛද්‍ය පීඨයක් අලූතින් ස්ථාපිත කිරීමේ උත්සාහයකද මේ නිරත වෙන්නෙ කියන ගැටලූව මතුවෙනවා‘‘ යැයි ද ඔහු කීය.

 



අදහස් (21)

සයිටම් වෙනුවට විකල්ප ආයතනයක් පිහිටුවන්න රජය සැරසෙනවා - වෛද්‍ය හරිත අලුත්ගේ

රවින් Monday, 04 December 2017 01:20 PM

මුහුද හත්ගව්වක් තියා අමුඩ නොගහ මුහුද ළඟටම ගිහිල්ලා අමුඩ ගැහුවොත් පිනාගෙන නාන්න පුළුවන් වෙයි. දැන්ම අමුඩ ගැහුවොත් බාගෙට හෙළුවෙන් නේද?

:       1272       779

sampath Monday, 04 December 2017 01:53 PM

ඔබතුමාලට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අකැපයි, නමුත් පුද්ගලික රෝහල්නම් කැපයි නේද? ...මහජනයා ගැන හිතලද ඔය කතා කරන්නේ? ඔච්චර කුහක වෙන්න එපා මහත්තයෝ. සල්ලි ලැබෙනවා නම් ඔබතුමාලා අඹුවත් විකුණයි..

:       1643       2440

lanka Monday, 04 December 2017 02:06 PM

ඔය අමාරුව ප්‍රමිතියක් නැති පුද්ගලික රෝහල් වහන්න නැහැ නේද? ඒවා තිබුණාම මොකද අපේ දොස්තරලා හොඳට හම්බ කරන්නේ ඒවා තියෙන නිසානේ.

:       686       1282

maalaka Monday, 04 December 2017 02:08 PM

සෑහෙන කාලෙකින් නිකන් ඉඳලා ස්ට්‍රයික් කරලා පඩි ගන්න බැරි වුණු හින්දා හේතු හොයනවද? නැත්නම් ඡන්දය ළඟ හින්දා මහින්දට කඩේ යනවද?

:       483       830

Kamal Monday, 04 December 2017 02:11 PM

මේ ඡන්දෙන් පස්සේ මහින්ද අප්පච්චි ආයේ බලයට එයිද නැද්ද කියලා මේ උදවියට තේරෙවි. එදාට ඔය සටන් ඔක්කොම හකුලා ගනීවි....

:       667       701

Saman Monday, 04 December 2017 02:48 PM

ආයිමත් කොනක් අල්ලගන්න පටන් ගත්තා වගේ... ඔයාලා තාවකාලික සතුටක් වින්දට සයිටම් අහෝසි කලා කියල, අන්තරේ සහ ඔයාලා හැර අනිත් අය දැනගෙන හිටියා, ප්‍රමිතියක් ඇතුව අලුත් එකක් එන බව.

:       482       733

Pubudhu Monday, 04 December 2017 02:50 PM

දක්කන්න ආයෙමත් අන්තරේ පාරට.

:       663       310

de silva Monday, 04 December 2017 03:09 PM

බලාගෙන ඉන්න වැරදිලාවත් මහින්ද බලයට අවොත් ඉස්සර කලාවගේ සයිටම් වැනි පුද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් කිසිම ප්‍රශ්නයක් නැතුව විවෘත කරාවී. එතකොට ඔයගොල්ලත් අර 2015 ට කලින් කලාවගේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉඳීවි.

:       12       231

වැඩිහිටියා Monday, 04 December 2017 04:07 PM

වෛද්‍ය විද්‍යාව පෞද්ගලිකව ඉගැන්නුවහම ඇති වැරැද්ද මොකක්ද ?

:       502       1019

BamunuarachchiMonday, 04 December 2017 05:55 PM

මේගොල්ලෝ බයයි අවුරුද්දකට 200ක් 300ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් එලියට ආවාම මේගොල්ලන්ට දවල් කෑමෙන් පසුව කෙරෙන පෞද්ගලික පුහුණුව නැතිවෙන හින්දා.

:       1       187

සිරි Monday, 04 December 2017 05:45 PM

දැන් අර විරෝධතා දක්වපු කට්ටියක් මාස 10ක් විතර පාරවල් වල නාඩගම් නටල ආපහු පංති වලට ගියානෙ. ඒ කට්ටිය ප්‍රමිතියටම ඉගෙනීම කරනවද නැත්නම් කඩිමුඩියේ වැඩ ටික ගොඩ දාගන්න දඟලනවද දන්නෙ නැහැ.

:       0       14

Bamunuarachchi Monday, 04 December 2017 05:52 PM

ඉතින් ඔබලාට තිබෙන අමාරුව මොකක්ද? රජයක් තිබෙන්නේ රටේ අවශ්‍යතාවයන් සපුරාලන්නට. පුද්ගලික වෛද්‍ය විද්‍යාල විවෘත ආර්ථිකයේ එක අවශ්‍යතාවයක්.

:       0       120

ANURA Monday, 04 December 2017 06:59 PM

මේ කෑගසන නායකයන් පසුපස විශේෂ බලවේග ඇති බව සැක මතුවෙනවා. ලංකාවේ වෛද්‍ය විශ්ව විද්‍යාල නැතිකලොත්අ පේ ළමයි අපේ රටේ විදේශ විනිමය ඉන්දියාවට, බංගලාදේශයට වැනි රටවල විශ්ව විද්‍යාල වලට යනවා ඕක තමයි අළුයට තියෙන ගිනි අගුරු. කරුණාකරලා මේ පිලිබදව සොයා බලන්න. මේක ව්‍යාපාරයක් සල්ලි වලට රට රටේ අනාගතේ පාවාදෙන මේ පිරිස් පිලිබදව විශේෂ අවදානයක් රජය හා රටට ආදරය කරන බලවේග සොයන්න ඔන්න මම තොරතුරක් දුන්නා ...

:       0       63

PERANAGAMA Monday, 04 December 2017 07:06 PM

පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇරියම මොකද වෙන්නේ.

:       0       48

samantha Monday, 04 December 2017 07:39 PM

ශ්‍රී ලංකාවට අනාගතයක් උදා කරදීමට නම් මෙවැනි අය පුනුරුත්තාපනය කල යුතුයි. මොවුන් මුළු ලංකාවටම පිළිලයකි.

:       0       54

kasun Tuesday, 05 December 2017 12:38 AM

මහත්තයෝ ඇයි ඔයාල විල්පත්තුව කපන එකට, යුද විරුවෝ සිරගත කරනකොට ඒවාට විරුද්දව උත්ගොෂණ තියා වචනයක්වත් කතා කරනේ නැත්තේ.

:       2       62

alwis Tuesday, 05 December 2017 03:05 AM

ඉන්දියාවේ ප්‍රතික්ෂේක කරපු මෙඩිකල් කොලේජ් ටික ලංකාවේ ස්තාපිත කරන්න වෙන්න ඇති. දැන් ඉන්දියාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට උපරිම තහංචි නිසා ඒවාට ලංකාවේ අවසර තියෙනවනේ.

:       82       0

Latha Tuesday, 05 December 2017 04:28 AM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල නරකයි. රෝහල් හොඳයි. ඒවායින් ගිනිගණන් දාල මහජනයා හූරකන එක හරි හොඳයි.

:       0       80

abiya Tuesday, 05 December 2017 04:53 AM

මුන්ගේ එකාධිපත්‍ය නැති කරන්න පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි .එතකොට මේ කරන කෙලි ක‍රන්න හම්බවෙන්නේ නැහැ.... එතකොට මුන්ව කවුරුත් ගණන් ගන්නේ නැහැ එකයි බය.............

:       0       271

ඉන්දික Tuesday, 05 December 2017 05:29 AM

මේ වගේ නිවට වෘත්තීයවේදී පිරිසක් ලෝකයේ කෙහේවත් නෑ...............

:       55       153

sas Tuesday, 05 December 2017 06:01 AM

පුද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ගැන කතා කරන අය රජයේ විශ්ව විද්‍යාල වල දුර්වලතා ගැන කතා නොකරති. ඔවුන් සිතන්නේ ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ලෝකයේ හොදම විශ්ව විද්‍යාල කියලයි .නමුත් ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 1000 තුල ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල එකක්වත් නැහැ .

:       0       79

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1593 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1382 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site