විනීතා එම් ගමගේ
විදේශ රැකියා ලබාදෙන පවසමින් කෝටි ගණනක් මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉංගිරිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මැලේසියාවේ රැකියාවක් අපේක්ෂාවෙන් මෙම කාන්තාවට මුදල් ලබාදුන් පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ශන වලින් පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම කාන්තාව එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විදේශ රැකියා ලබාදීම සඳහා වන වලංගු බලපත‍්‍රයක් නොමැතිව මීට පෙරද මෙම කාන්තාව රැකියා සඳහා පුද්ගලයින් විදේශ ගත කර තිබෙන බවද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් කාන්තාව හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී බලපත‍්‍රලාභී විදේශ රැකියා ඒජන්සියක් මගින් විදේශ ගත වන ලෙසත් සියලූම විගමණික ශ‍්‍රමිකයින් විදේශ ගතවීමට පෙර ලියාපදිංචි විය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නීති ක‍්‍රියාත්මක කිරීමේ නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්. කුමාරසිංහ, පොලිස් සැරයන් එස්.ජේ. පී. රවින්ද්‍ර, මාණ්ඩලික සහකාර සුනේත‍්‍රා විජේතුංග යන නිලධාරීහු මෙම වැටලීමට සම්බන්ධ වූහ.
2025 නොවැම්බර් මස 04
599
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදෙස් රැකියා දෙනවැයි පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට