(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය මූල්‍ය කළමණාකරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ඒ පිළිබදව මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණය බලයක් නොමැති බවත් නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (27) ප්‍රකාශ කළේය.
අක්‍රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කැදවූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ නෙරිල් පුල්ලේ මහතා එලෙස ප්‍රකාශ කළේය.
වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ජයරත්න මහාචාර්ය මහීන් මෙන්ඩිස් යන මහත්වරුන් පුමුඛ පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරයේ, එල්. ටී. බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.
මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා සදහන් කර සිටියේ පෙත්සමේ සදහන් කරුණු අනුව මෙම ආර්ථික අර්බුදයට හේතුවී ඇත්තේ ණය නිසි පරිදි කළමණාකරණය නොකිරීම, විදෙස් සංචිත ආරක්ෂා නොකිරීම, බදු අඩු කිරීම වැනි කාරණා බවත්, මේ පිළිබදව විශේෂඥ දැනුමක් ඇත්තේ විගණකාධිපතිවරයාට බවත්ය. මෙහි සිටින කිසිදු පාර්ශ්වයකට ඒ පිළිබදව විශේෂඥ දැනුමක් නොමැති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව ජාතික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එය අධිකරණයට ඉදිරිපත කළ බවත් එම වාර්තාවට අනුව රටෙහි ණය කළමණාකරණ්‍ය වී ඇති ආකාරය පිළිබදව පැහැදිලිව සදහන් වන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ගාමිණී මාරපන මහතා සදහන් කර සිටියේ මෙම පෙත්සම්වලින් ඉල්ලා ඇති සහන අතර ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් එම ඉල්ලීම සිදුකළ නොහැකි බවත්ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු 39 දෙනෙකි.
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික වූ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා සහ ප්‍රකට පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලින් මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල පැමිණිලිකරුවෝ වෙති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රාජ්‍ය මූල්‍ය කළමණාකරණ බලය තියෙන්නේ පාර් ලිෙම්න්තුවට
චින්තක Wednesday, 28 September 2022 12:52 PM
නොදන්නාකමට නැත්නම් මෝඩකමට අහනවා කියලා හිතන්න. ඇත්තටම මුදල් කටයුතු කළමනාකරණය පාර්ලිමේන්තුවට තිබේ නම් පාර්ලිමේන්තුවේ නැති ජනාධිපති මුදල් කටයුතු කරන්නේ කොහොමද? එහෙම ඇහුවේ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා මුදල් ඇමැති ලෙසට කරපු දෙයින් රටට සිදුවූ දේවල් නිසා...!