IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි වෘත්තීය සමිති යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට

(නිමල කොඩිතුවක්කු)

ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට පමණක් අධික ලෙස වැටුප් වැඩිකරමින් නිකුත් කළ චක‍්‍රලේඛය නීති විරෝධි බවට අධිකරණ තීන්දුවක් පවා ලබා දී තිබියදී කැබිනට් පත‍්‍රිකාවක් මගින් එහි නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමේ උත්සාහයක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹදී අද (29) පැවැසීය.

එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළහොත් අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීරණ වන බවද ඔහු සඳහන් කළේය.

ලංකා විිදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට පමණක් අධික ලෙස වැටුප් වැඩිකරමින් නිකුත් කළ 2014/ 46 දරණ චක‍්‍රලේඛය නීති විරෝධි බවට වෘත්තීය සමිති දිගින් දිගටම ප‍්‍රකාශ කර සිටියද රජය එය නොසළකා හැරි බවද ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් පවා ප‍්‍රකාශයට පත්ව තිබියදී  ඒ අනුව කටයුතු කරවනවා වෙනුවට මෙම චක‍්‍රලේඛය තවදුරටත් නීත්‍යානුකූල කිරීමේ උත්සාහයක් පවතින බවද හෙතෙම කීය.

රටට නිසි පරිදි විදුලිය ලබා දීමටවතත් නොහැකි අවස්ථාවක මෙවැනි චක‍්‍රලේඛ තවදුරටත් නීත්‍යානුකූල කිරීමට රජය ගන්නා උත්සාහය නින්දිත ක‍්‍රියාවක් බවද  රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (2)

විදුලි වෘත්තීය සමිති යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට

ගාමිණී Tuesday, 09 April 2019 04:51 PM

පාලන අධිකාරියට විතරක් නෙවෙයි "සේවක අධිකාරියට" ත් අධික වැටුප් ගෙවනවා. රටේ අනිත් රාජ්‍යය ආයතනවල පවතින වැටුප් අනුව ලංවිම සියලුම සේවකයින් ගේ වැටුප් අඩුකරනු.

:       1       260

Tikiri Wednesday, 10 April 2019 12:34 PM

ඉංජිනේරුවන්ගේ පඩියම කම්කරුවන්ටත් ගෙවන රටක් කොහේද තියෙන්නේ?

:       1       124

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site