IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් පරීක්ෂණ

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත.

මේ විමර්ශනය පවත්වන්නේ මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවය.

ඉඩම් ප්‍රශ්නයක් මත හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව දී ඇති බවත් මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇත.මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය.

මේ පිළිබඳව අප කළ විමසුමකදී අදහස් දැක්වු ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පැවැසුවේ  මේ සිද්ධිය පොලිසිය දැනුම් දුන් පසුව තමා ඒ පිළිබඳව පොලිසි මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවයි.

මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතුබව ඔහු වැඩිදුරටත් කීය.

 



අදහස් (8)

ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් පරීක්ෂණ

erdi Monday, 13 August 2018 10:16 PM

මිනීමරුවො දේශපාලඥයෝ උනහම කොහොමත් එකයි. ලංකාවේ පොට්ටයො වැඳ වැඳ කඹුරනවා.

:       0       134

sudath Tuesday, 14 August 2018 12:39 AM

මෙම ජාතික සම්පත රැකගැනීම කාගේත් වගකීමයි

:       0       190

jim kuru Tuesday, 14 August 2018 04:07 AM

දිලන්තට ආරක්ෂාව දීම පොලිසියේ වගකීමක්

:       2       507

nuwan Tuesday, 14 August 2018 05:29 AM

ඔය දේශපාලකයා කව්ද කියල රටට කියන්න.

:       0       124

රජින්ද Tuesday, 14 August 2018 05:30 AM

මේ රටේ දහජරා දේශපාලන ක්‍රමය විසින් නිර්මාණයකොට අරාක්ෂාකර සිටින පාතාලය, මත් ජාවාරම්කරුවන් විසින් මේ රටට සිදුකර ඇති හානිය කිසි ලෙසකින්වත් තක්සේරු කල නොහැක. මේ රට දැන් දුවන්නේ බලහත්කාරය හා ආත්මාර්ථකාමී මෙහෙයුමක් යටතේය. ඉහළ සිට පහළටම මෙය පැතිරී ඇත. දිලන්ත අද මුහුණ දී තිබෙන්නේද එවැනි ගැටලුවකටය.

:       1       163

buddhi Tuesday, 14 August 2018 05:37 AM

රට ප්‍රපාතයට ගෙනියන උන්ට සියලු පහසුකම් දෙද්දි, රජයෙන් කියා කිසිම සහයක් නැතුව රටට ජයග්‍රහණ ගේන මේ මනුස්සයට මෙහෙම කරන්න.... මේක පුදුම රටක්නේ ........

:       0       172

Ruwan Tuesday, 14 August 2018 07:10 AM

ඩිලන්ත යනු ජාතික සම්පතකි! මොහුව රැක ගමු !!!

:       0       281

පිටිගල මිලානෝ Tuesday, 14 August 2018 09:55 AM

ඩිලන්ත, ඔයා මිලාන් වලට එන්න. මේ රටේ ඉඳන් රේස් පදින්න. ලංකාවේ මිනිස්සුන්ට ඔයා ගැන වැඩි අගයක් නැහැ.

:       1       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 61 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 134 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site