(ඉන්දිකා රාමනායක)
බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් රුපියල් ලක්ෂ 50 ට ආසන්න වටිනා කාබන් මොනොක්සයිඩ් වායුව සහිත සිලින්ඩර් 122 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුෙවා් තිෙදෙනක් බඩල්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා එම ආයතනයේ සේවකයන් බවද පොලිසිය සඳහන් කරයි.
මොවුන් ඉකුත් (25) දින මෙම සොරකම සිදුකර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව බඩල්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් තිදෙනා ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මේවා යකඩ කිහිපයකට අලෙවි කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හලාවත, කුරුවිට , රඹුක්කන යන ප්‍රදේශවල පදිංචි වයස අව්රුදු 27, 29, 30 යන වයස්වල පසුවන්න බවද පොලිසිය කියයි.
සැකකරුවන් අද (27) පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබන් මොනොක්සයිඩ් (co) වලින් මොනවද කරන්නේ?