(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා අද (06) නියෝග කළේය.
මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය.
සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කළ පසු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී හදීසියේම සිසුවකු අසනීප වීම නිසා බන්ධනාගාර නිලධාරීහු මහත් කලබලයට පත් වූහ.
ඔවුහු වහා ක්‍රියාත්මකවී 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළහ.
බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාරලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.
නවක වධයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.
ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබුණි.


COMMENTS
අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙවන් මෙලෙච්චයන්ට අහිංසක පුරවැසියන්ගේ බදු මුදල් වලින් තවදුරටත් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මෙවන් වැඩ කිරීමට කිසිදු ඉඩක් ලබා නොදී සමාජයෙන් තුරන්කර දෙන මෙන්ය.
තව ටිකක් වැඩියෙන් ජංගම දුරකථන, මුහුණු පොත් භාවිතය, අන්තර්ජාල පහසුකම්, ඉන්දියාවෙන් කසිකබල් චිත්‍රපටි, ත්‍රීවිල්, ටීවී චැනල් , කසිප්පු , කුඩු හොදට අබරලා මේ රටේ තරුණයන්ට පොවන්න වැඩියෙන්. තව උසස් පෙලට ටැබ් දෙන්න වයිෆයි ප්‍රතිඵලේ තමයි
මේ මානසික ලෙඩ්ඩුන්ගේ නම් ගම් හෙලිකරන්න. ගමේවත් ඉන්න බැරි කරන්න. ඒවගේම මේ 19ට අවුරුදු කීපයකට සිරදඬුවමක් දෙන්න. එවිට මෙවෙනි මානසික ලෙඩ්ඩු නැතිවෙලා යාවී.
නියමයි මේක තමයි වෙන්න ඕනේ. අලුත් සිසුන්ට උදවු කරනවා වෙනුවට හිරිහැර කරනවා. ජීවිතේ අමාරුවෙන් ගෙවන රටේ තවත් බොරු කරදර ඇති කරගන්නවා.
ඉතාම හොද වැඩක්. අනිකුත් සිසු සිසුවියනුත් පෙරට ආ යුතුයි. මේ අයට රටේ අපරාද නීතිය යටතේ නඩු අසා වැරදිකරුවන්ට සිර දඩුවම් දිය යුතුයි අනික් උදවියටත් පාඩමක් වෙන්න.
කරන වැඩ දිහා බැලුවම ඔය සරසවි යන මෝඩ පිරිසක් ලෙස පෙනේ. 01. නවකයන්ට හානි වෙන අයුරින් හිරිහැර කිරීම. 02සරසවියෙන් එලියට ගිහාම නුගත් දේශපාලුවන් ඉදිරියේ දෙකට නැමී රාජ්‍යයේ රැකියා ඉල්ලා සිටීම හා නියුක්තවීම 03.අබිමානවත් ශ්‍රී ලංකාව රැකගැනීම හෝ වැඩි දියුණු කිරීමට හඩක් නොනග පවතින රජයේ ඉදිරියේ නිවටයන් ලෙස පසුබා සිටීම
ලංකාවේ සරසවි සිසුන් කියන්නේ ඔලුව ඉදිමිච්ච මහා කරදර කාරයන් පිරිසක්, ඉගෙන ගන්න කාලේ නොයෙකුත් වර්ජන සහ උද්ගෝෂණ, ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ රස්සා දෙන්න කියලා උද්ගෝෂණ, සරසවි සිසුන් කරන වැඩ දැක්කහම කවුද ඔවුන්ට රස්සා දෙන්න කැමති, ගොඩක් සිසුන්ට සිසුවියන්ට මේවගේ ලිංගික අතවර සරසවිය ඇතුලේ වෙනවා ඔවුන් ලැජ්ජාවට මේවා කියන්නේ නැහැ. පොලිසියට අධිකරණයට මොවුන් හදලා ගන්න බැහැ නම් බලමු හිරකාරයන්වත් ඔවුන්ව හදලා ගනිවිද කියලා
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තමයි නායක වධකයා. ඉතින් කාටද කියන්නේ? බංකොලොත් දේශපාලුවන්ගේ අතකොලු වෙලා ඉන්න මේ අයව මේච්චල් කරන්න ඒ දේශපාලුවන්ටවත් උවමනාවක් නැහැ. කියන්නේ නම් නිදහස් අධ්‍යාපනේ රැකගන්නයි සටන් කරන්නේ කියලා. නමුත් ඔන්න වැඩකිඩ.
දිගින් දිගටම නවක සිසුන් පැමිණිලි කළ යුතුය. පොලීසිය දිගින් දිගටම මේ මානසික රෝගීන් අත්අඩංගුවට ගත යුතුය. මේ විකාරය නතරවන තුරු එය සිදුවිය යුතුය. මානසික රෝගීන්ගේ ශිෂ්‍යභාවය පවා අහෝසි කළ යුතුය
මේවගේ අසහනකාරයෝ රස්සාවල් කරනකොට ඒවායේ වැඩ කරන ගැහැණු-පිරිමි මොන තරම් දුක් විදියිද මේ වැඩ වලින්.
මේ චෝදනාව හරියට විභාග කරලා මේ අයට කිසිම අනුකම්පාවක් නොදක්වා දඩුවම් කළොත් නවක වදය සදහටම තුරන් කළ හැකි වෙයි.
පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනේ මේ මානසික ලෙඩ්ඩුන්ට. අපරාදේ මේ රටට නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ
බොහොම හොඳයි. තව දඬුවම් කළ යුතුයි. සිද්ධිය හෙලි කළ සිසුවාට මගේ ගෞරවය.
නියමයි. දහනම දෙනාගේම ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි.
මේ අයට මතක හිටින දඬුවමක් දිය යුතුයි.
පසුගිද දිනක පුවතක් පලවුනා ගෙවුනු අවුරුදු දෙකතුල දෙදහසකට ආසන්න පිරිසක් නවක වදය නිසා විශ්ව විද්‍යාල අතහැර ගියා කියලා. ඒවගේම තව පිරිසක් සියදිවි නසා ගැනීම්ද සිදුකර ගත්තා කියලා වාර්තා වුනා. මෙයට අමතරව තවත් සිටිය හැකි බවද පලවුනා. නවක වදය දුන්නේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු පිරිසක් නිසා මෙම සිසුවාටත් එහෙම වෙන්න පුළුවන්. ඒවාගේම එවැනිදේ නොවෙන්න ප්‍රථිකර්ම යොදන්න. මෙතරම් නින්දිත ලෙසට නවක වදය දෙන පිරිස් මානසික රෝහලට යවා පරීක්ෂා කලොත් හොඳයි කියලා අපිටනම් හිතෙනවා. එහෙම බැරිනම් නවක සිසුවා උපාධිය රැගෙන යනතුරු මොවුන්ට විශ්ව විද්‍යාල සියල්ලම තහනම් කරන්න.
මේ වගේ නවක වදය දෙන අසහනකාරයින් ගැන හැමෝම පැමිණිලි කරන්න ඉදිරිපත් වෙනව නම් හොඳයි. එතකොට නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් රටටම හෙළිදරව් වෙනවා මානසික ව්‍යාධීයෙන් පෙළෙන්නේ කව්ද කියලා...ඒ වගේම ඒ අමානුෂික වද ඉදිරියේදී හෝ නැවැත්වීමට එය අනුබලයක් වේවි.
වෙලාවට මට කැම්පස් යන්න බැරිවුනේ.
මේ වගේ අයට දැඩි දඩුවම් දෙන්න ඕන. මේ අය තාම ඉන්නේ ගල් යුගයේ. රට වෙනුවෙන් කළ යුතු දේ කොච්චර තියෙනවද? පුද්ගලික විශ්ව විද්‍යාල අද ඉතා හොදින් තමන්ගේ කාර්ය කරමින් යන බව පේනවා. මෙහෙම ගියොත් තව අවු.5ක් යනකොට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කඩන් වැටෙනවා සිකුරුයි. මේ අයට ඕන කරල තියෙන්නෙත් ඕකද? අද හරියට දුවන්නේ වෛද්‍ය විද්‍යාල සහ ඉංජිනේරු පීඨ ටික විතරයි.
ඇයි දරුවො මූණවල් වහගන්නෙ. කරන කොට නැති ලැජ්ජාව දැන් පහළ උනාද?
පොලිසියෙන් මේ අයව අත් අඩංගුවට ගන්න, මේ ළමයා මාධ්‍ය සකාච්ච්වක් තියෙනකම් ඉන්න වුනා. මීට සැහෙන කාලකෙට කලින් මේ ළමයා මාතර පොලිසියට මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. මේ පාරත් අල්ලාගෙන තියන්නේ පොලිසියට බාර වුනාට පස්සේ. පොලිසියේ කාර්යක්ෂමතාව ගැන මේක හොද උදාහරණයක්. සහරාන් වුනත් මේ විදියට පොලිසියට ඇවිත් භාර වුණා නම් පොලිසියෙන් අල්ලා ගනීවි.
නීතිය ක්‍රියාත්මක කරන මහත්වරුනි, තදින්ම ඉන්න. මේක මහා අපරාදයක් ළමයි වෙනුවෙන් දෙමව්පියනුත් පෙළ ගැහෙනවානම් තවත් හොඳයි. විශ්ව විද්‍යාලය කියන්නේ ජ්‍යෙෂ්ටයන්ගේ ආධිපත්‍යට යටත් වුන තවත් රාජ්‍යක් නෙවේ.
කාට වුනත් කමක් නැහැ හරියටම වැරදි කරපු අය නම් අවුරුදු දෙකක්වත් මහා උළු ගෙදරට යවන්නම ඕනේ.
මෙයාලව අවුරුදු පහක් වත් හිරේ දාන්ඩ ඕනෙ අනිත් අයව හැදෙන්න. සුලුවෙන් හරි නවක වදය දෙන ඕන කෙනෙක් අවුරුදු දෙකක් පහලට දැම්මනන් තමන් නවක වදය දුන්න අයෙගෙන්ම නවක වදය ලැබෙනව.
මේ සියලු දෙනාම විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමිය යුතුය. මේ සියලු දේ වන තෙක් උප කුලපති ඇතුළු පාලන බලධාරීන් නිදා ගෙනද හිටියේ ?
අපරාධමය වරදක් .
ඇත්තටම මෙයාලා උගතුන්ද? මේවගේ පහත් ක්‍රියාවන් කරන අයගේ සදහටම උපාධිය අවලංගු කරන්න ඕනේ
මා දන්නා පවුලක උසස් පෙළ සමත් වූ (IT ) ගැහැණු ළමයෙක් නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලය අධ්‍යාපනය අත හැරියා. මුලින් දින කීපයක් ගිහින් බයටම නොගිහින් පසුව බාහිර වෙනත් අධ්‍යාපනයට යොමුවුණා. අපට මෙය පුද්ගලිකම ඇය විසින් කියන ලද බැවින් සුපැහැදිලි සත්‍යයක්. මෙය ඒ ළමයාට වූ බලවත් පාඩුවක්. අපරාධයක්.
මේ අයට සිසුන් කීමත් පාපයකි. පව් මේ 19 දෙනාගේම අහිංසක දෙමාපියන් සහෝදර සොහොදරියන්. සදහටම සරසවි වලින් පන්නා දැමිය යුතුය. තවද මෙම නිවට ක්‍රියාව සදහා කිසිදු ආචාර්ය, මහාචාර්ය කෙනෙකු වචනයකින් හෝ සම්බන්ද නම් එයාගේ විස්තරද අප දැනගැනීමට කැමැත්තෙමු.
හරිම සතුටුයි. අනාගතේ දී මේවා නොකරන්න හොඳ පාඩමක් ඉගැන්විය යුතුය.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම සැකකරුවන් ගැන සියලුම විස්තර තොරතුරු බදු ගෙවන අහිංසක පුරවැසියන් හැටියට අපි දැනගැනීමට කැමැත්තෙමු. කරුණාකර අදාළ ආයතන මෙම සැකකරුවන් 19 දෙනාගේ සියලුම විස්තර ඡායාරුප සමගම පළකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
හෙනම ගහන්න ඕනේ.. පලයව්කෝ වෙන දිහාවකට. කාගෙන්වත් බාධාවක් නැහැ.
මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ ලංකාවේ විශ්වවිද්‍යාලවලට යන්නේ රටේ සාරය කියලා. බලාගෙන යනකොටනේ තේරෙන්නේ විශ්වවිද්‍යාලවල ඉන්නේ අමු පිස්සන් ටිකක් කියලා. හොයලා බලන්න වටිනවා අධ්‍යාපන ක්‍රමේ හරි, විභාග ක්‍රමේ හරි වරදක් නිසා මේ අය වෙනුවට, මානසික රෝගීන් ටිකක් තෝරලා යවනවද කියලා. එහෙම නැතිනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනේ වරදක් නිසා එ්කට යන අය මානසික රෝගීන් වෙනවද කියලා හොයලා බලන්න. කොහොම වුනත් ඔය විශ්වවිද්‍යාලවලින් පස් වෙලා එන අයට රස්සා නෙවෙයි දෙන්න ඕනේ. යවන්න ඕනෑ අංගොඩ මානසික රෝහලට...
මෙන්න එල්ලුම් ගහට යවන්න නියම සුදුස්සන් ටිකක්...
මේවා දේශපාලකයන්ගේ වැඩ... ජනතා විමුක්ති පෙරමුණ විශ්වවිද්‍යාල තුළින් අතුගා දමන්න..
මගේ ළමයෙකුට කළානම් අනේ පුතාලා ඔහොම කරන්න එපා කියලා මේ පුතාලට කියනවා.
මේ අය විශ්වවිද්‍යාලෙන් පාස් වෙලා රස්සාවලට අවහම, ඉස්සෙල්ලම කොහුමිටෙන් දීලාතමයි රස්සාවට දාන්න ඕනේ.
මේ දේවල්වලට සම්බන්ධ වෙන බහුතරයක් දුෂ්කර ප්‍රදේශවලින් එන දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ..
ජනතා විමුක්ති පෙරමුණ රටේ බලයට අවොත් ලංකාවේ හැමෝටම නවක වදය අනිවාර්ය වෙයි.
අපි හිටියේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ... අපි අදටත් අඩත්තේට්ටම් කරන්න යන්නේ නැහැ... විවාහ වෙලා ඉන්නෙත් වෛද්‍යවරියක් සමග වුණත් එකම බැච් එකේ හිටපු අදටත් විවාහ වෙලා අවුරුදු 8ක්.. ළමයින් නැහැ. ඉතිං මට ඉතිං රෝහලට වඩා වටින්නේ ආදායම් ලබන එක.. එ් නිසා පුළුවන් තරම් වැඩ කරමින් ආදායම් රැස්කරනවා. මට නම් අපේ විශ්වවිද්‍යාලයේ නම ආර්ට් කාරයින් අගෞරවයට පත්කළා. ඒ ගැන කණගාටුදායකයි. ඔවුන්ට උපරිම දඬුවම් කළයුතුයි.
තිර රචනය, අධ්‍යක්ෂණය සහ මෙහෙයවීම : පෙරටුගාමී සමාජවාදී පක්ෂය .
දඬුවම වශයෙන් හිරේ දමන්න එපා. තරුණ ශ්‍රමය පාවිච්චි කරලා නගර පිරිසිදු කිරීම , අගල් කැපීම, ගඩොල් කැපීම වැනි සමාජයට වැඩ දායක වැඩ කොටසක් භාර දෙන්න. අව්වේ දවස් පහක් වැඩ කරනොකොට දකින අනිත් අයත් මේවා කරන්න හදන්නේ නැනේ. අඩුම තරමේ මාස 6ක් මෙම දඬුවම දිය යුතුයි. නැතිව මේ කට්ටිය පාඩම් ඉගෙන ගන්නේ නැහැ. විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනකොටම, අයදුම් පතේ වැරදි වැඩ කරපුහම දෙන දඬුවම් මාලාව ලකුණු කරලා අත්සන් කරවා ගන්න.
රවීන්ද්‍ර... මම නිතරම ඔබ පලකරන අදහස් කියවමි. ඒවා සියල්ලක්ම රට, ජාතිය ගැන හැඟීමක් ඇති.. සහ රට ආපස්සට යමින් පැවතීම ගැන වේදනාවෙන් කතා කරන ඉහළ ගුණාංගයක් ඇති ශ්‍රී ලාංකිකයකු ලෙස මනාව දිස්වේ..
මේක හරිම භයානක තත්වයක්, විකෘති ආශාවන් ඇති පිරිස් විශ්වවිද්‍යාලයට ගියොත් ඔවුන් අලුතෙන් විශ්ව විද්‍යාලයට එන අයටත් මේවා කරනවා නේද? බොහෝදෙනෙකු බියවී මෙම පීඩා විඳදරාගෙන ඉඳලා, ජීවිතය පුරාම මානසිකව විඳවනවා ඇති නේද?