IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොරෝනා මර්දනයට පිටබැද්දරින් ලක්ෂ 10ක්

(එස්. ඩි. කොඩිකාර)

කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා සහ වයිරසය මර්දනය කිරීම දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් පිටබැද්දර ප්‍රාදේශීය සභාවට ලබාදී ඇතැයි එහි සභාපති මහින්ද සිරිවර්ධන මහතා අද (30)  පැවසීය.

දැනටමත් එම  මුදල් වලින්  රුපියල් ලක්ෂ දෙකක් කොටපොල විවිධ සේවා සමූපාකාර සමිතිය සඳහා නිදහස් කර ඇති බවත් එම මුදල් වලින් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගෙන සහන මිලට රුපියල් රු.1000.00 ක භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය .


එම භාණ්ඩ බෙදා හරිනු ලබන්නේ  ඇඳිරිනීතිය කාල වේලාව තුළ බවත් එසේ කරනු ලබන්නේ ඇදිරිනීතිය ලිහිල් කළ අවස්ථාවේ  නගරයේ තදබදය අඩු කර ගැනීමට බවත් සභාපතිවරයා පැවසීය .

ඊට අමතරව එම මුදල් වලින් රුපියල් ලක්ෂයක මුදලක් බවුසර් මගින්  ජලය ලබා ගැනීම සඳහා   ජල සම්පාදනය සඳහා ගෙවීම් කර ඇති බවත් වෙන් කර ඇති මුදල්  ප්‍රතිපාදන මදි වුවහොත් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර සභා අරමුදලින් අවශ්‍යතා අනුව මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවත් සභාපති සභාපති වරයා පැවසීය .

මේ වන විටත් බල ප්‍රදේශයේ බස් නැවතුම්පොළ ඇතුළු  මහජනයා ගැවසෙන බොහෝ ස්ථාන විශබීජහරණය සිදු කළ බවත් කී සභාපතිවරයා ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම බොහෝ ජනතාව වෙළඳසැල් කරා පැමිණ යන්නේ සැමන්,පරිප්පු මිලදී ගැනීමට බවත්  සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

මේ සෑම  කටයුත්තක්ම සිදුකරනු ලබන්නේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය මත බවත් කී සභාපතිවරයා කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා සියලු කැපකිරීම් සිදු කරන බවත් පැවසීය.



අදහස් (0)

කොරෝනා මර්දනයට පිටබැද්දරින් ලක්ෂ 10ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 38 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 835 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site