(හර්ෂණ තුෂාර සිල්වා සහ ඉන්දිකා රාමනායක)
ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී වෙඩි ප්‍රහාර එල්ල වූ බවට පවතින චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට අද (7) ලිපියකින් දැනුම් දී ඇත.
මෙවැනි සිදුවීම් නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර හොඳ හිත හා මිත්‍රත්වය පළුදු වීමට ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
අමරවීර මහතා මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් අරින්ඩම් බග්චි මහතා සමඟ දුරකතනයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
ශ්‍රී ලංකා මුහුදු තීරයේදී නාවික හමුදාව ඉන්දීය ධීවරයන් හය දෙනකු රැගත් යාත්‍රාවකට වෙඩි තබා ඇතැයි ද මෙම ප්‍රහාරයෙන් 21 හැවිරිදි තමිල්නාඩු ධීවරයකු මිය ගොස් ඇතැයි ද ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.