කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එංගලන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් යුතු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය අද (08) වාර්තා කළේය .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දශය 4 තිස්සේ බ්‍රිතාන්‍යයේ ජීවත් වූ වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ නැමැති 70 හැවිරිදි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකි.
කොරෝනා වයිරස ආසාදනය වීමෙන් දැඩි ලෙස අසනීප වූ හෙතෙම ඉකුත් මාර්තු 31 ලන්ඩන් යි කින්ග්ස්ටන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවද බී.බී.සී පුවත් සේවා වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ.
එම වෛද්‍යවරයා දින හතරක් එම රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සෙනසුරාදා ජීවිතක්ෂයට පත් ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ
1967 වසරේදී පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයෙන්ලං කාවේ සහතික ලත් වෛද්‍ය උපාධිය හිමිකරගත් ඔහු ඉන්පසුව බ්‍රිතාන්‍යයේ සුපිරි පෙලේ රෝහල් කිහිපයකම විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති බවද පැවසේ
මේ අතර මියගිය වෛද්‍යවරයා වයිරසය ආසාදනය වීමට පෙර අවසන් වරට මාර්තු 20 වැනිදා එරට සවුත් වෙස්ට් ලන්ඩන් රෝහලේ සේවය කල බවද බී.බී.සී පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
(125)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට
rasika Wednesday, 08 April 2020 10:14 PM
ලන්ඩන්වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ ...