IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිස් ලොක්කන්ට ‘මධුෂ්ගෙන්‘ තර්ජන


 
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

දකුණේ පාතාල  කල්ලි නායකයකු වන මා කඳුරේ මධුෂ්ගේ  සමීපතම ගෝලයින් අත්අඅඩංගුවට ගැනීම්, පොලිස් අත්අඩංගුවට ගැනීම්  පොලිස් විශේෂකාර්ය බලකායේ වෙඩි ප්‍රහාරවලින් මිය යාම  වැනි කරුණු හේතුවෙන්  ඔහු වියරුවෙන් මෙන් හැසීරිමට පටන් ගෙන උසස්  පොලිස් නිලධාරීන්ට දුරකතන ඇමතුම් දී තර්ජනය කරමින් සිටින බව පොලිස් ආරංචීමාර්ග පවසයි.

මාතර කොට්ඨාසයභාර පොලිස්අධිකාරීජී.එච්.මාරපන මහතාටද දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති අතර මාරපන මහතා ඒ බව කල්තියා හදුනා ගැනීම නිසා ඊට ප්‍රතිචාරදක්වා නොමැත.

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනයකිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන මදුෂ් එම නඩුවට ඉදිරිපත් නොවී වරෙන්තුව  සිටින නිසා ඔහුගේ සියලු දේපොල අධිකරණය මගින් තහනම් කිරීමට අවශ්‍යකට යුතු සිදු කරනු ලබන්නේ මාතර කොට්ඨාසයභාර පොලිස් අධිකාරීජී.එච්.මාරපන හා කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපතිඕ.යූ.ජයශාන්තයන මහත්වරුන් විසිනි.

ඩුබායි හී සැඟවී සිටින බව කියන මදුෂ් විසින් සැලසුම් සහගතව ඔහුගේ ගෝලයින් ලවා සිදු කිරීමට උත්සාහ කළ අපරාධ රැසක් මේ වන විට ව්‍යර්තව  හා මධූෂ්ගේ බලකොටුව ලෙස සැලකෙන කඹුරුපිටිය ගතාර නිවසටම පොලීසිය ගොස් ගෝලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම මදුෂ්ගේ පැවැතීම ඔහුගේ මෙම හැසීරිම් වලට ප්‍රධානතම හේතුව වී ඇතැයිද පොලීසිය පවසයි.

මේ නිසාම ඔහු ඒ පිළිබඳව තොරතුරු දුන්නේ තම පුංචි අම්මාගේ නිවස අසල පදිංචි පොලිස්  සැරයන්වරයකු යයි සිතා ඔහුට හා පවුලේ අයට මරණ තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

එම තර්ජනාත්මක දුරකතන ඇමතුම හේතුවෙන් පොලිස් සැරයන්වරයා තම පවුලේ සාමාජිකයින් වෙනත් ප්‍රදේශයකට යවා  ඇත. කඹුරු පිටිය පොලීසියේ ස්ථානාධිපති ඕ.යූ.ජයශාන්ත මහතාටද දුරකතනයෙන් කතා කර අනතුරු අඟවා තිබෙන බව දැනගන්නට ඇත.

දිගින් දිගටම මදුෂ්ටඑරෙහිව පොලීසිය ගෙන යන ක්‍රියාමාර්ග නිසා බොහෝ ව්‍යාපාරිකයින්ඔහුට සුපුරුදු පරිදි ලබා දුන් කප්පම් මුදල්ගෙවීමද නතර කිරීමට පටන් ගෙන ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත.



අදහස් (2)

පොලිස් ලොක්කන්ට ‘මධුෂ්ගෙන්‘ තර්ජන

සතයපාල Wednesday, 21 March 2018 10:37 AM

මේ පාතයෝ ඇති කලේ දේශපාලඥයෝ උන්ව හුරතල් කලේ පොලීසිය අද ඒ පොලිසියටම තර්ජන කරන තැනට පාතාලය ඇවිල්ලා.මේක හරියටම සර්පයන්ට කිරි පොවලා ඇති කරපු සර්පයන් දැන් පන්න පන්නා දෂ්ඨ කරවා වගේය.

:       0       0

wedage Wednesday, 21 March 2018 10:41 AM

මදුස්ගේ, උදව්වට මෙහේ පොලිටික්කෝ ගොඩක් ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site