(ටෝනි කරුණානායක)
කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළැයි චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් 12 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ පසුවන රාජ්‍ය රූපවාහීනි නාලිකාවක නිවේදකයා සහ ඔහුගේ පුතුට ඇපදීම ප්‍රතික්ෂේප කළ මහර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සැකකරුවන් දෙදෙනා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
ඉකුත් 9 වැනි දා රාත්‍රී වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ කායවර්ධන ශිල්පියකුට පහරදී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකිරිමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රියශාන්ත මහේෂ් නිශ්ශංක යන නිවේදකයා සහ ඔහුගේ පුත් තනුජ කාවින්ද නිශ්ශංක (24) යන දෙදෙනාව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
අධිකරණයෙන් ඇප නියම කර ඇති නිවේදකයාගේ පාසල් යන පුතාද අද (13) අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියුණු ආයුධය = ඉස්කුරුප්පු නියන
මේ නිවේදකයාට පහර දුන්නනම් බලන්න තිබුණ වැඩේ .පාරවල් අවහිර කරගෙන විරෝධතා පවත්වන හැටි.
සිහිනයකි රෑ වැඩසටහනේ මෙයා කතාකරන්නේ හරියට සන්තුවරයෙක් වගේ. වැදි බණ කියන අය කවුරුත් ඔහොම තමයි.
සිහිනයකි රෑ බලනකොට මහේෂ් මොන තරම් අහිංසකද අපි මෝඩ වෙන හැට් ඒ වැඩ සටහනින් ගත්ත හොද නම ඉවරයි.
සමහරුන්ගේ කතාවයි ක්‍රියාවයි අහසට පොළව මෙනි.
ඔබ මේ වගේ දේකට පටලැවෙන්න ඇත්තේ මොන කරුමයකටද ? මෙතන අනිත් පැත්තේ මොකක් හරි අප නොදන්නා දෙයක් තියෙනවා මං හිතන්නේ .පස්සේ ඇත්ත එළිවෙයි.
මරු තාත්තයි, පුතයි... පුතාට නම් ඉස්කෝලෙදි හම්බවේවි