IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පරමාණු බලශක්තියට රුසියානු සහාය


 
 
බිඟුන් මේනක ගමගේ 
 
මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීමට රුසියානු රජයේ සහය ලබා ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
 
ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර සාමකාමී කටයුතු සඳහා පරමාණු බල ශක්තිය උපයෝගී කර ගැනීම සඳහා වන සහයෝගිතා ගිවිසුමකට ඉදිරියේදී එළඹීමට නියමිත බවත් ඒ අනුව දෙරටේ නියෝජිතවරුන්  මේ සඳහා වන මුලික එකඟතා වලට එළඹි ඇති බවත් ඇමැතිවරයා පවසයි.
 
තීරණ ගැනීමේදී අවශ්‍ය තාක්ෂණික සහය සහ යටිතල පහසුකම් සැපයීම හා පරමාණු බලශක්තිය භාවිතයෙන් විදුලිය නිපද වීම සඳහා වන මුලික පහසුකම් සැපයීමේදී සාමුහිකව වැඩකිරිම ගැන එම එකඟතාවයේදී මූලික අවධානයක් දී ඇති බව ද නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (5)

පරමාණු බලශක්තියට රුසියානු සහාය

sathyapala Monday, 08 October 2018 05:28 AM

පරමාණු බලශක්තිය වගේ ක්‍රම ක්‍රමයෙන් ලෝකයෙන් තුරන් වෙලා යන අන්තරාකාරී හා අවදානම් බලශක්ති ප්‍රභේදයකට යොමු වෙනවාට වැඩිය සුර්ය බලය සුලන් හෝ මුහුදු රල වැනි සුනිත බලශක්ති ප්‍රභේදයක් වෙත යොමු වීම ඉතා වැදගත් කරුණක්.

:       24       2

ase Monday, 08 October 2018 05:41 AM

ඉර පායන, ජලය ගලන ගංගා, සුළඟ ඇති වෙරල තිරයක් ඇති අපේ කුඩා රටට මොටද පරමාණු බලය.

:       26       2

Daminda Monday, 08 October 2018 07:08 AM

පරමාණු බලශක්තිය සම්බන්ද දැනුම අවශ්‍ය වෙන්නේ පරමාණු බලශක්තිය නිපදවන්නම නෙමේ, සියලු රෝහල් වල විකිරණශීලි උපකරණ එක්ස් - රේ වගේ යන්ත්‍ර නිතිපතා තත්ත්ව පරික්ෂාව, රටට ගෙන්වන සියලු විකිරණශීලි අමුද්‍රව්‍ය සහ උපකරණ පරික්ෂාව ගෙන්වීමට අනුමැතිය දීම සහ රටේ විවිධ ප්‍රදේශවල විකිරණශිලිතාවය මැනීම ඇතුළු අපට නොපෙනෙන සේවාවන් රැසක් පරමාණු බලශක්ති අධිකාරිය මගින් වෙනවා, අපට ඒ සදහා ලොව දියුණු රටවලින් දැනුම සහ තාක්ෂණය , යාවත්කාලින වීම් අවශ්‍යමයි.

:       0       5

sathyapalaMonday, 08 October 2018 07:47 AM

නමුත් මෙම ගිවිසුමේ අරමුණ වන්නේ විදුලිය නිපදවීම සදහා පරමාණු බල ශක්තිය උපයෝගිකර ගැනීම බව සදහන් වේ.

:       0       0

nishantha Monday, 08 October 2018 08:05 AM

සත්‍යපාල නම් පාසල් නොගිය අය පිරි රටකට මොන පරමාණු ශක්තිද ? ඔන්න ඔහේ ගල් අඟුරු ඩිසල් වලින්ම යැපෙමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site