(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං පැමිණවීම සඳහා පැමිණි බවට සැකකරන පූජකවරයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු කොල්ලුපිටියේ පිහිටි බෝම්බකරුගේ බිරිඳගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
ඔවුන් පැමිණ තිබූ ත්‍රී රෝද රථයක් මෙන්ම නිවස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැකකටයුතු කිහිපදෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං ලබා දීමට දැයි සොයා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් පූජකවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් පිරිස මාලිගාවත්තේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං ලබාදීමට ආපු එකට අත්අඩංගුවට ගන්නේ කොහොමද?
උෟරු ලේ නාවලා භූමදානය කරාම පිං පමුණුවන්න පුලුවන්ද උලමාතුමෝ?
වෙඩි තියල දාන්න තියෙන්නේ... උන්ට මොන පින්ද? හොඳට නිදහසේ ජීවත් වුණු, අපේ නිදහසත් නැති කරපු පාහරයන්...
මොවුන් අපිට පව් දෙනවා...
සියයට 100ක් ශුවර්.. මුනුත් අයිසිස් ත්‍රස්තවාදීන්... මරණ දඬුවම දෙන්න.
මැරුණ එකාට පින් ඕනෑ නෑ. ඌ ස්වර්ගයට ගියා කියන්නේ...
ඕක සුළු දෙයක්... හෙට දවල් වෙනකොට නිදහස්...