නාලක සංජීව දහනායක
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් බැඳුම්කර වංචාවට යොදා ගැනීමට උපදෙස් දුන් උදවිය සම්බන්ධව ඉතාම ඉක්මණින් පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) පැවසීය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතා කළ උදවියවත් මේ සම්බන්ධයෙන් අද කතා නොකරන බවද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
රුයිතෙට යන ආණ්ඩුවකට ජනතාව විඳින දුක තේරෙන්නේ නැහැ. ඒහෙම තේරෙනවා නම් මෙතරම් විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන්නේ නැහැ. ඇමැති මණ්ඩලයට අමතරව අධීක්‍ෂණ මන්ත‍්‍රී නම් තවත් පිරිසක් පත්කරලා. ඔවුන් සඳහාත් අතිවිශාල මුදලක් වැය කරනවා.
වකුගඩු රෝගීන් පිළිබඳව කඳුළු සළමින් බලයට පත්වූ මෙම රජය අද ඒ කතා අමතක කර අතිවිශාල ඇමැති මණ්ඩලය නඩත්තු කරන්න වාර්ෂිකව අති විශාල මුදලක් වැයවෙනවා. මේ ඇමැති මණ්ඩලයෙන් අඩුම තරමින් ඇමැතිධූර පහක්වත් අඩු කළොත් විශාල වකුගඩු රෝගීන් පිරිසකට ප‍්‍රතිකාර කළ හැකියි.
සේවක අර්ථසාදක අරමුදලේ මුදල් පමණක් නෙවෙයි විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ මුදල් ටිකත් බැඳුම්කර වංචාවට අරගෙන තිබෙන බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මේ මුදල් අරගන්න නියෝග කළ උදවිය ගැන සෙවිය යුතුයි. එමෙන්ම පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් කතා කළ නිර්මාල් රංජිත්ලා වගේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මේ ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ කටේ ඩොලර් හිරවෙලා.
එමෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් වේඬරුවේ උපාලි හිමියන් විසින් කළ ප‍්‍රකාශයට ආණ්ඩුව හොඳටම බයවෙලා. රටේ මීළඟ ජනාධිපතිවරයා කවුදැයි තීරණය කරන්නේ මහජනතාව මිස දේශපාලනඥයන් නෙවෙයි. ජනතාව දරණ මතය කුමක්දැයි ආණ්ඩුව තේරුම්ගත යුතුයි. ඒ ඇත්ත තත්ත්වය දන්නා නිසා මැතිවරණ සිතියම හකුලා දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවෙන බවද කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘සරසවි ප්‍රතිපාදන මුදල් බැඳුම්කරේට දුන් අය ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි’
kap Monday, 25 June 2018 11:08 AM
අධ්‍යාපනයක් ලබලා නැති, කෝච්චිවල සෙල්ලම් දාපු මිනිස්සු දැන් බණ දෙසනවා. ප්‍රශ්න කරනවා.
විමලාවතී Monday, 25 June 2018 11:41 AM
ප්‍රශ්න කරන්න කවුරුහරි ඉන්න ඕනෑ. ඒ ගැන සතුටුවෙන්න. මට හිතෙන්නේ ඔබත් සරසවි අරමුදල් ගසාකෑමට හවුල් වගේ...
kapMonday, 25 June 2018 01:08 PM
මට පේන්නෙ ඔයා හොරුන්ගේ අම්මලාගෙන් පේන අහන කෙනෙක් වගේ...
Naushad Monday, 25 June 2018 11:54 AM
ඊට කලින් ඔබතුමාගේ වත්කම් කෙසේද ඉපැයුවේ කියා කිව්වා නම් වඩාත් වටිනවා.
සතයපාල Monday, 25 June 2018 01:14 PM
මේ අය හිතාගෙන ඉන්නේ මෙහෙම කිව්වම රටේ මිනිස්සුන්ට අතීතය අමතක වෙනවා කියලා වෙන්න ඇති. අපි මේක ගැනත් හොයමු. ඊට කලින් නියෝජ්‍ය ඇමැතිවරයෙක් හැටියට උපයා ගත නොහැකි වත්කම් උපයා ගැනීම ගැන වගේම අමත්‍යාංශයට නයෙක් ඇවිත් දෂ්ඨ කළ එක ගැන හොයලා හිටිමු.
rocky Monday, 25 June 2018 02:58 PM
අනේ මහත්තයෝ, ඉස්සෙල්ලා ඔහේගේ නඩුව ඉවරයක් කර ගන්න. දැන් බණ දෙසනවා... ඇහෙනකොට ඇඟේ මාළු නටනවා !!!