(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )
ගොඩනැගිල්ලක් ඉවත් කිරීම හැර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සැළැස්මක් නැතැයි තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘති කළමණාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ක්‍රීඩාංගණයට අමතරව කොග්ගල ඉදිකිරීමට යෝජිත ක්‍රීඩාංගණය ඉදිකිරීමේ සැළසුමද ඉවත් කර ඇතැයි ද කී අමාත්‍යවරයා ලෝක උරුමයට බඳුන් වී ඇති ගාලු කොටු පවුර තව දුරටත් එම තත්ත්වයේ තබාගත යුතුව ඇති බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුයේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් වත් කිරීමට කටයුතු කරන බවට මේ දිනවල පැතිර යන සත්‍යතාව පිළීබඳව විමසීමේදීය.

COMMENTS
එකක් කියලා, තව එකක් කරන කට්ටිය නේ. ඔය කතා විශ්වාස නැහැ.
යම් ගොඩනැගිල්ලක් කඩා දැමීම අනුමත කල නොහැක. දුප්පත් රටකට ඔරොත්තු නොදෙන නිසා මේ වගේම වැඩක් 2002 වසර වලදී රාජගිරියේ සිදු වූ පාසල් ළමුන් විශාල පිරිසක් ප්‍රයෝජනයට ගත් ක්‍රීඩාංගණය කඩා දැම්ම මේ ආණ්ඩුව පත් කරේ මේවට නොවේ.
දැන් ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයද?
විකුණලා විකුණලා අන්තිමට අනේ මේ මගේ බිරිඳ නේද ? අනේ මේ මගේ ලෙයින් ඉපදුන දුව නේද කියලා නොහිතන... කීයකට හරි විකුණලා තුට්ටු දෙකක් අරන් සූදු කෙලින කාලකන්නින් ගානට මේ ආණ්ඩුව පත්වෙලා.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එතන නොතිබිය යුතු ගොඩනැඟිල්ලක් ඉවත්කිරීම මුළු පිට්ටනියම වෙනතැනකට ගෙනියනවා වගේ අභූත කතා වස්තුවක් ලෙසට නිර්මාණය කර පොල්ගෙඩි අකුරෙන් පලකරන, තමන්ට අවශ්‍ය " වොයිස් කට් " පමණක් ප්‍රචාරය කරන මාධ්‍ය සම්ප්‍රදායක් ඇති අපේ රට හිට්ලර් තියා සක්‍ර දේවේන්ද්‍රයෝ ආවත් කවදාවත් හදන්න නම් බැහැ. මාධ්‍ය මඟින් නඩු අසා දඬුවම් කරන, එල්ලුම්ගස් ගිය අපරාධකාරයෝ සුදනන් බව කියන්නට දැවැන්ත ප්‍රචාරයන් ගෙන යන මිනිස්සු තමා මේ රටේ මහජනතාවගේ ඉහ මොළ තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුකුල වන පරිද්දෙන් ශුද්ධ පවිත්‍ර කරන්නේ...
මොකද මේක විකුනන්නවත් ද දන්නේ නැ. නැත්නම් කොටුව විකුනන්නද දන්නේ නැ. මෙයාල කරන්නේ එක්කෝ හදපුව කඩලා දානවා.. නැත්නම් විකුනනවා.. වෙන මොනවද මෙච්චර කල් කලේ.
එල්ලුම්ගහේ කථාව ජනතාවට අමතක කරවන්න ගහපු උප්පරවැටියක් මේක.
ගාල්ල ක්‍රීඩාංගනය නෙවෙයි අයින් කරන්න ඕනේ, පිච් එක හදන කට්ටිය.
ගාමිණි මයාගේ කථාව හරි. තමන්ගේ රටේ මිනිස්සුම තමන්ගේ රටට බලවත් තර්ජනයක් වෙලා තියෙන එකම රට තමයි මේක.