
(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති මයිනා ගෝ ගම හා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ හිටපු අගමැතිවරයා ඇතුළු සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට බලකරමින් සංවිධානාය කර තිබු විරෝධතා පා ගමනකට පොලිස් මුලස්ථානය ඉදිරිපිටයදී අද (9) පස්වරුවේ අවස්ථා කිහිපයකදී ම කදුළු ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ.
පොලිස් මුලස්ථානය ඉදිරිපිට දමා තිබු මාර්ග බාධක ගලවා ඉවත් කිරීමට උත්සහ ගත් අවස්ථාවේ එය වැලැක්වීම සදහා පොලිසිය ඔවුන් වෙත කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
එම ප්‍රහාරයට අද (9) දිනට මසක් සපිරීම නිමිත්තෙන් ගාලුමුදොර අරගලකරුවන්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් , කළාකරුවන්, සිවිල් සංවිධාන , බහුජන සංවිධාන, සාමාජ ක්‍රියාකාරීන් මෙම විරෝධතාව සංවිධානාය කර තිබුණි.
මෙම විරෝධතාව අද (9) පස්වරු 2.30 ට පමණ කොටුව දුම්රිය ස්ථානයේ දී ආරම්භ කර තිබු අතර පිරිස දුම්රිය පොළ ඉදිරිපිට විරෝධාතාවේ නිරතව සිට පසුව පොලිස් මුලස්ථානට දක්වා ගමන ආරම්භ තළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)











COMMENTS
සුප්‍රසිද්ධ මැයි 9 කැරැල්ල ඇතිවූයේ අරලියගහ මන්දිරයෙනි. එහෙත් ප්‍රහාරයේ පුරෝගාමියා වූ එහි ප්‍රධාන නිවැසියා වන මහින්ද රාජපක්ෂ තවමත් නිදැල්ලේය!
සිවුර ගලවා දැම්මානම් ගමන පහසු වෙනවා. දෙන දානයක් කාලා පන්සලට වෙලා බුදියගන්නේ නැතුව රටට පව් දෙනවා. මේ ජෙප්පන්ගේ සිවුරු ැටෑලියන් එක.
මේ බමුණුආරච්චි මම කාලයක් තිස්සේ ඔබගේ ඉතා පිළිකුල් සහගත නිරාගමික කමෙන්ට් දුටුවෙමි. ඔබ මේ රටේත් නොමැතිව මේ අප රටේ මිනිසුන්ගේ දුක, කඳුල නොතේරෙන පුද්ගලයෙකි. අද අපි රටක් විදිහට අසරණ කරපු මේ මජර දේශපාලන ක්‍රමයම වෙනස් කරන මේ පුරවැසි අරගලය තවත් ඉදිරියට මොවුන් සියලු දෙනාම පන්නා දමනතුරු පවත්වා ගන්නෙමු...
බමුණා වගේ පිටරට ඉඳගෙන අදහස් ලියන අය ලංකාවේ තත්වේ දන්නේ නැහැ.