IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට

(කාංචන කුමාර ආරියදාස, ඩයනා උදයංගනී සහ මොහොමඩ් ආසික්)

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ.

එළවළු අස්වනු වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීම සහ ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන් අඩුවීම හේතුවෙන් අලෙවිය විශාල වශයෙන් පහත වැටීම නිසා මෙසේ එළවළු මිල පහත ගොස් ඇතැයි එම වෙළෙන්දන් සහ අතරමැදි ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද බෝංචි, ලීක්ස්, කැරට් දී ගෝවා ආදී උඩරට එළවළු පවා කිලෝවක මිල පසුගිය දිනවල පැවති මිලට සාපේක්‍ෂව සියයට 50 කින් පමණ අඩුවී තිබූ බව එහි වෙළෙඳුන් පවසයි.

පසුගිය දිනවල රුපියල් 550 ත් ක් 600 ත් අතර ඉහළ මිලකට අලෙවි වූ බෝංචි කිලෝව ඊයේ රුපියල් 220 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ අතර ලීක්ස් කිලෝවක් රුපියල් 100 කට අලෙවි වනු දක්නට ලැබිණි.

එමෙන්ම ගෝවා කිලෝවක් රුපියල් 160-180, කැරට් කිලෝවක් රුපියල් 220-280, බීට්රූට් කිලෝවක් රුපියල් 55-70, තක්කාලි කිලෝවක් රුපියල් 180-200, රාබු      කිලෝවක් රුපියල් 50-80, නෝකෝල් කිලෝවක් රුපියල් 120-150, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 50-70, අර්තාපල් කිලෝවක් රුපියල් 130-140, වැටකොළු 130-150, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 40-70, පතෝල කිලෝවක් රුපියල් 160-180, කරවිල කිලෝවක් රුපියල් 250 -280, වට්ටක්කා කිලෝවක් රුපියල් 120-130, වම්බටු   කිලෝවක් රුපියල් 320-350, මෑ කරල් කිලෝවක් රුපියල් 90-120, දඹල කිලෝවක් රුපියල් 160-200, අමු මිරිස් කිලෝවක් රුපියල් 320-350, මාළු මිරිස් කිලෝවක් රුපියල් 450-500, තක්කාලි කිලෝවක් රුපියල් 160-220, ලොකු ලුනු කිලෝවක් රුපියල් 130-140 ආදී මිල ගණන්වලට අලෙවි කෙරිණි.

මෙලෙස මාලුමිරිස් සහ වම්බටු හැර අනෙකුත් සෑම එළවළුවකම මිල විශාල වශයෙන් පහත වැටී තිබුණත් ගැණුම්කරුවන් නොමැතිවීම නිසා තමන්ට එළවළු විකුණා ගැනීමට නොහැකිව දවස පුරා රැඳී සිට ඉතා අඩු මිල ගණන් යටතේ ඒවා අලෙවි කිරීමට සිදුව ඇතැයි එළවළු වෙළෙඳුන් පවසයි.

එමෙන්ම කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් පහත වැටී තිබූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

එහි බෝංචි කිලෝවක් රුපියල් 270ත් 330ත් අතර, තක්කාලි කිලෝවක් රුපියල් 340ත් 380ත් වැනි මිල ගණන්වලට අලෙවි වූ අතර, මාළු මිරිස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 750ත් 830ත් අතර මිලකට බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

කටුගස්තොට  මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 250 ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 180 ක්, බීට් කිලෝවක් රුපියල්  100 ක් වැනි මිලක් දක්වා පහත වැටී තිබූ බව එහි තොග වෙළද සංගමයේ සභාපති ඩි.එන්.සිල්වා මහතා කීය.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ද කැරට් කිලෝවක් රුපියල් 200ත් 280ත්, ගෝවා කිලෝවක් රුපියල් 400ත් 440ත්, ලීක්ස් කිලෝවක් රුපියල් 140ත් 170ත්, අර්තාපල් කිලෝවක් රුපියල් 370ත් 410ත් අතර මිලකට පහත වැටී තිබිණි.

සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල මෙන්ම අලෙවිය ද බොහෝ සේ පහත වැටී ඇති බවයි.

කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා එළවළු කිලෝ ලක්‍ෂ අටක් පමණ අලෙවි වන නමුත් අද අලෙවිවූයේ කිලෝ ලක්‍ෂ තුන හමාරක් පමණක් බවත්, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවිය කිලෝ ලක්‍ෂ දෙක හමාරක සිට කිලෝ 60,000ක් පමණ දක්වා පහත වැටී ඇතැයි ද ඔහු පැවසීය.

පොහොර, ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් විශාල නිෂ්පාදන පිරිවැයක් දරා වගා කරන ගොවීන් මෙසේ එළවළු මිල සහ අලෙවිය පහතයාමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ද ඔහු කීය.

එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් පැමිණීම අඩුවීමට ද හේතුව ඉන්ධන මිල ඉහළයාම හා සතියකදී ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම බව හෙතෙම පැවසීය. 

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළ ගිය ද දිවයින එළවළු වෙළඳසැල්වල එළවළු මිල අඩුනොවන්නේ ද ප්‍රවාහන වියදම ඉහළයාම හේතුවෙන් බව සභාපතිවරයා සඳහන් කළේය. 



අදහස් (1)

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට

හසිත ප්‍රසාද් Sunday, 18 September 2022 08:44 AM

ඉතා හොදයි. දිනපතා ලබාගත හැකිනම් ගොඩක් හොදයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site