(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 20 වැනිදාට යළි සලකා බැලීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කළේය.
මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (18) යළි සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව නිතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ ඇතැයි මෙම පෙත්සමේ සදහන් කර ඇත.
එම නඩුවට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (1) වගන්තිය ප්‍රකාරව සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව පුත්තලම මහාධිකරණ විනිසුරුවරයාට හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හැරීමට බලයක් නොමැති බවට සදහන් කරමින් ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද එම පෙත්සමෙන් දක්වා තිබේ.
ඒ අනුව, අගතියට පත් නිතීඥ හිජාස් හිසුබුල්ලා මහතා විසින් මෙම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙසට ඉල්ලා අදාළ පත්සම ඉදිරිපත් කර ඇති අතර, එය විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බලන්න දින දෙයි