( සටහන සහ ඡායාරූප - චමිල් රුපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය සදහා අලි ඇතුන්ගේ හිඟය මකා ගැනීම සදහා සතර මහා දේවාල වල නිලමේ වරුන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගත් බවත් මහනුවර ඇසළ පෙරහර සමයේදී රට තුළ වෙනත් පෙරහර නොමැති නිසා ප්‍රශ්නය විසඳාගත හැකි වු බවත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පවසයි.
නිළමේ වරයා මෙසේ පැවසුයේ ඓතිහාසික ඇසළ මහා මංගල්‍ය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරිම සදහා අද (12) පස්වරුවේ දළදා මාළිගාවේ රන් ආයුධ මණ්ඩපයේ පැවැති මාධ්‍ය හමුවේදිය.
දියවඩන නිළමේවරයා මෙසේද පැවැසිය.
අපි හැමදාම අලි නෑ අලි නෑ කියද්දි සමහරුන් හිතන්නෙ පෙරහැර ලංවෙදිද් අලි නෑ කියනව කියල . එහෙම දෙයක් නෙවෙයි . මහනුවර දළදා මාළිගාවට ඉන්න අලි 12 යි. වලිසුන්දර නිළමේ තුමාගේ හා ගයාන් හින්කෙන්ද නිළමේ තුමාට හා විශ්ණු දේවාලය භාරයේ ඉන්න අලි හැරුණු විට මහනුවර දිස්ත්‍රික්කය තුළ අලින් නැහැ. මෙය වැඩිකර ගැනිමට කටයුතු කළ යුතුයි.
මහනුවර දිස්ත්‍රික්කයටම අලින් 15 දෙනෙකු පමනක් ඇති බවද නිළමේ වරයා පැවැසිය. එයට හේතුව හීලැ අලි පරපුරට හිලැ අලි ඇතුන් එකතු වි නැති බවද අලි හාම්පුතන්ට හා අලි හදපු විහාරස්ථාන වලට අලින් ලබා දෙන්න ඉල්ලිමක් කරන බවද හෙතෛම සඳහන් කළේය.
මෙවර ඇසළ පෙරහැර සදහා සතර දේවාල හා මාළිගා පෙරහර සදහා මිලියන 100 ක මුදලක් පමණ වැය වන බවත් නර්තන කණ්ඩායම් 80 ක් පමණ යොදාගෙන පෙරහරේ ගුණාත්මක භාවය වැඩි කර ඇති බවද කි නිළමේ වරයා පෙරහැර අලංකාර කිරිම සදහා දළදා මාළිගා පෙරහැර නැරඹීමට පැමිනෙණ ජනතාවගෙන් ඉල්ලන එකම ඉල්ලිම මේ පුණ්‍ය භුමිය අපවිත්‍ර නොකර දේශිය සංස්කෘතිය ආරක්ෂා කර ගැනිම සදහා මෙම පුණ්‍ය භුමියට ගැලපෙන ආකාරයේ ඇදුම් පැළඳුම් අද පැළැඳ පැමිණෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නිළමේ වරයා පැවැසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සත්තුන්ට යකඩ විලංගු දාලා සිරකරගෙන අපේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම. අපේ බෞද්ධ කමට නින්දාවක් නොවේද . ?
දැන් ඉන්න අලි කොහොමත් හීල නැහැ, එකනේ රටට මෙච්චේර නැස්ප්තියක් වෙලා තියෙන්නේ.
අලින් හීලෑ නැත. අලින්ට කොන්ද පන නැහැ කියා අලිම කියනවා