කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 366 දක්වා ඉහළ ගොස් ඉතාලි බලධාරිහු පවසති.

එක් දිනක් ඇතුළත මියගිය ගණන 133 කින් ඉහළ ගොස් ඇතැයි ද වයිරසය ආසාදනයවූවන්ගේ ගණන 25%කින් ඉහළ ගොස් ඇතැයිද ඉතාලියේ සිවිල් ආරක්ෂක ආයතනය සඳහන් කරයි.
ඒ අනුව ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 7,375 දක්වා ඉහළ ගොස් ඇත.
ඉතාලිය මේ වනවිට දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් ඉතාලියේ ලොම්බාර්ඩි හා පළාත් 14 ක මිලියන 16කට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී සිටිති.
මෙම ප්‍රදේශවලට යෑමට හෝ ඒවායින් පිටවීමට හෝ අනෙකුත් ගමනාගමන කටයුතු සඳහා විශේෂ අවසරයක් ගැනීමට ජනතාවට සිදුව ඇත.
අත්‍යවශ්‍ය හේතුවක් නැතිනම් ගමන්බිමන් සීමා කරන්නැයි ද ඉතාලි බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා ඇති අතර පොදු ස්ථාන සියල්ල වසා දැමීමට ද ඔවුහු ඉරිදා පියවර ගත්‍හ.
(ඒ.එෆ්.පී./රොයිටර්ස්)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලිය මේ වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙමින් ඉන්නවා. ඔවුන් මේ වනවිට මෙම වෛරසය ව්‍යාප්තවීම අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඒ සඳහා ඔවුන් යම් යම් පළාත්වලින් පළාත්වලට ගමන් කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් කිසිඳු ප්‍රදේශයක නිවෙස්වලින් පිටතට යෑමේ තහනමක් කර නැහැ. ආපනශාලා උදේ 6 සිට සවස 6 දක්වා විවෘතව තිබෙනවා. සියලු වෙළඳසල් විවෘතව තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතය තව දුරටත් පවත්වාගෙන යනවා. මේ සියල්ල මැද මෙම වසංගතය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වගකීමෙන් දායකවෙන ලෙසත් අනවශ්‍ය කලබලවීම්වලින් තොරව සිහි බුද්ධියෙන් කටයුතු කරන ලෙසත් සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දැන් මෙය චීනයේ, කොරියාවේ හෝ ඉතාලියේ පමණක් ප්‍රශ්නයක් නොවේ. මානව වර්ගයා ගෝලීය වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්නයක්. ලෝකයේ රටවල් වලින් අඩකට, ලෝක ජනගහනයෙන් 80% ක් ජිවත් වන ප්‍රශ්නයකට දැන් මෙය පැතිරී තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකළොත් මානව සංහතියම අනතුරේ. අනවශ්‍යය ලෙස කලබල නොවී ඉදිරියේ පැමිණිය හැකි ඕනෑම දරුණු තත්වයකට මුහුණ දීම සදහා අප සුදානම් විය යුතුයි. චීනය ඉතාමත් සැලසුම් සහගතව හා සාමුහිකව මෙයට මුහුණ දුන් නිසා අද වන විට යම් කිසි මට්ටමකින් මෙය පාලනය කර ගැනීමට සමත් වී සිටිනවා. එකාවන්ව සාමුහිකව සිටිය යුතු මේ අවස්ථාවේ අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීම නුවණට හුරු දෙයක්ද කියා නැවත කල්පනා කර බැලිය යුතුයි.