IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටහේනේ මහ දවල් කොල්ලයට කාන්තාවෝ දෙකක් ඇතුලු 4 ක් මාට්ටු

(යොහාන් භාසුර)

කොටහේන, බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවස ඊයේ (8) කොල්ලකෑමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

එම පුද්ගලයන් සතුව තිබී රුපියල් 18,800,000 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සහ රුපියල් ලක්‍ෂ 15 ක පමණ මුදල් සොයාගත් බවත් කොල්ලය සැළසුම් කළ බවට අත්අඩංගුවට පත්ව සිටින කාන්තාවන් දෙදෙනා නිවෙස් හිමි කාන්තාවගේ මිතුරියන් බවත් එම පොලිස් නිලධාරියා කීය.

ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරීන්ගේ ඇඳුම්වලට සමාන ඇඳුමෙන් සැරසී අත්මාංචු යුගළක් සහ පිස්තොල්යක් අතැතිව කොල්ලය කළ යැයි කියන කඳාන සහ තොටළ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට පත්ව සිටින බවත් කොල්ලකෑ මුදල්වලින් රුපියල් ලක්‍ෂ 5 ක් පමණ ඔවුන් වියදම් කර ඇති බවත් පොලිසිය වැඩි දුරටත් කියයි.

 



අදහස් (2)

කොටහේනේ මහ දවල් කොල්ලයට කාන්තාවෝ දෙකක් ඇතුලු 4 ක් මාට්ටු

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 August 2022 07:47 PM

හොරකමට සම්බන්ධ සියල්ලන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය වෙත අපගේ විශේෂ ස්තුතිය. ජනතාවගේ පැත්තෙන් බලා අප පොලීසිය සම්බන්ධ විවේචනාත්මක දේ ඉදිරිපත් කළද, අපරාධකරුවන් හා හොරුන් මැරයන් තම අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය කරනා කැපවීම ගැනද අපි කරුණු දන්නා බවත්, එම සේවය අගය කරනා බවත් පොලීසිය වෙත කාරුණිකව දන්වනු කැමැත්තෙමු.

:       0       35

Chinthaka Wednesday, 10 August 2022 03:23 PM

ඊයේ කරපු හොරකම අද වෙනකොට හොරු අල්ලලා, පොලිස් නිලධාරින් හට ප්‍රණාමය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site