(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඒ ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත‍්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70, 80 පමණ දක්වා ඉහළ යා හැකි බවත්, එම ප‍්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
වායුගෝලයේ පවතින මෙම කැළඹිලි ස්වභාවයේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි ඇතිවන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
ඒ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත් වල පස්වරු 2.00න් පසු වැසි ඇතිවන බව එම ප‍්‍රකාශකයා පැවසීය.
නැගෙනහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප‍්‍රදේශයන්හි උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප‍්‍රදේශයන්හි තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.
මේ අතර ඊසාන දිග මෝසම දිවයිනේ නැගෙනහිර ප්‍රදේශ හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළු වෙයි