(මොහොමඩ් ආසික් සහ ලක්ෂ්මි කුඩලිගම)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 05 වනදා ) පස්වරුවේ නිකුත් කරන ලදි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාස, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පාලින්දනුවර , වලල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයට නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අතුරින් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙක සඳහා දෙවන මට්ටමේ අනතුරුඇඟවීම නිකුත් කරනු ලැබ ඇති අතර මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත තැනකටයාම ගැන අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියි.
අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හත තුළ පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන්නැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොට්ඨාස නවයක නාය අනතුරු