(රංජන් කස්තුරි)
උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට 12ක් ලෙස සංශෝධනය කර තිබේ.
රුපියල් ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා රුපියල් 40,000 හෝ වැටුපෙන් සියයට 12.5 ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් සියයට 12.5ක් ලෙස සංශෝධනය කර තිබේ.
ගෘහ භාණ්ඩ වෙනුවෙන් රුපියල් 5000 හෝ බැටුපෙන් සියයට 2.5ක ප්‍රතිලාභය බද්දෙන් ඉවත් කර තිබේ.
ඇන්ජින් ධාරිතාවය ඝන සෙන්ටි මීටර් 1800ට අඩු සහ ඝත සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000 සහ 75,000 ලෙස සැලකූ ප්‍රතිලාභය රුපියල් 20,000 ක් රියදුරු සඳහා රුපියල් 10,000ක සහ ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙස වෙනස්කර තිබේ.
තවද ඉන්ධන දීමනාව සියයට 100ක්ම බද්දට යටත් වූ අතර එය සියයට 25 දක්වා අඩු කර තිබේ.
කේෂ්ත්‍ර රාජකාරි සඳහා ලබාදී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දි සීමා රහිතව කිලෝමීටරයකට රුපියල් 25ක් ලෙස සැලකූ ප්‍රතිලාභය කිලෝ මීටරයට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000 ක් යන දෙකෙන් අඩු ප්‍රමාණය ලෙස සංශෝධනය කර තිබේ.
COMMENTS
ඔය සෙප්පඩ විජ්ජා වලින් වැඩක් නෑ .සීමාව 200000/= කර උපරිම සීමාව 24% කරනකම් උඹට ගැලවීමක් නැත
දේශපාලකයින්ට හා ඉහළ නිලධාරීන්ට වැටුප් වැඩිවීම් ලබාදී ඇත...
යකෝ බද්ද අඩුකරලා තියෙන්නේ ඇමතින්ටයි, ලේකම්වරුන්ටයිනේ... මේක හරියන්නෑ. සෙප්පට විජ්ජා වැඩක් නෑ.
ලක්ෂයට වඩා වැඩි වැටුප් හෝ ආදායම් ලබන සෑම සේවකයකුගෙන්ම 20% ක් උපයනවිට බද්දක් අය කල යුතුය
නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ අනික් යට හුළං
සෑම ශරීරයකටම අවශ්‍ය රට සිංගප්පූරුවක් වෙනවාට. නමුත් කිසිම ආයතනයක් බදු ගෙවීමට කැමති නැත. බදු ගෙවීම සහ දූෂිත දේශපාලකයින් වෙනස් ගැටළු දෙකකි. දැන් ඕස්ට්‍රේලියාවට, ඩුබායි, NZ, එංගලන්තයට සංක්‍රමණය වන මිනිසුන්ට බදු නොගෙවා සිටිය හැකි යැයි ඔබ සිතනවාද? ඔවුන් ආදායම් බද්දෙන් 20-30% ක් සහ අනෙකුත් රජයේ සේවාවන් සඳහා වැඩි මුදලක් ගෙවයි. බදු ගෙවා දූෂිත දේශපාලකයින් පලවා හරින්න. දූෂිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 225 දෙනා ඇතුළු සමස්ත පද්ධතියම පිරිසිදු කිරීමට ජනතාව වන අපට අවශ්‍යයි.