(උපුල් හේරත්)
ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කරන සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වන ගල්වංගුව ඉපලෝගම ඒකනායක මුදියන්සේලාගේ රුවන් බණ්ඩාර (38) ඔහු කැකිරාව රෝහලේදී මිය ගොස් ඇත.
ගල්වංගුව ඉපලෝගම ලිපිනයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ නිශාන්ත බණ්ඩාර (39)යන අය අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත .
පහළ වෙම්බුව ප්‍රදේශයේ පදිංචි වස්තුවාගේ ආරියපාල (66) යන අය ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇත .
අලුත් දඹෙිවටනෙ පදිංචි ටිකිරි බණ්ඩාගේ බණ්ඩාරනායක (65) යන අයට අයත් ඉපලෝගම නිවෙසේ දී ඔහු මිය ගොස් ඇත.
මෙසේ මියගිය සිව් දෙනා ඉතාමත්ම තද බල ලෙස මත් පැන් පානය කරන අයවලුන් බව පොලීසිය කියය.
ඔවුන් පානය කරන ලද නීති විරෝධී මත් වතුර විසවීමෙන් මිය යන්නට ඇතැයි සැකකරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ පරණ එතනොල් ආපහු වැඩ පටන් අරගෙන වගේ.