IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මාලගමුව ඝාතන සැලැස්ම ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප  සංවිධායකවරයකුවූ බෙවන් පෙරේරා මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර අද (16) ප්‍රකාශයක් ලබා ගත්තේය.

පෑලියගොඩ පොලිසියෙන් කරුණු දැනුම් දීමක් අනුව ඔහු පොලිසිය හමුවේ පෙනි සිටියේය.

මේ ඝාතන සැලැස්ම පිළිබඳව තොරුතුරු හෙළිවී තිබුණේ වෙනත් අපරාධ සිද්ධියකට මාතරදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්ද වාර්තාවක් ගැනීමට කටයුතු කරගෙන යන බව පළාත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද පැවසීය.

නාවලපිටිය ප්‍රදේශයේ මාලගමුව මහතාට අයිති ඉඩමක් ප්‍රදේශීය දේශපාලඥයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබූ බවත් මේ පිළිබඳව මාලගමුව මහතා දිගින් දිගටම කටයුතු කිරීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙසේ සැලසුම් කර තිබූ බවත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

දැනට හිරේට නියමවී සිටින පාතාල සිරකරුවෙකු මාර්ගයෙන් මෙම ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි තොරතුරු හෙළිවී ඇත.

 

 

 



අදහස් (9)

මාලගමුව ඝාතන සැලැස්ම ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි

Chris Thursday, 16 August 2018 09:40 PM

මාලගමුව ඔබ නිතරම කියන්නේ රටට ආදරෙයි කියලයි, නමුත් රටේ මිනිස්සු ඔබ වැනි කෙනෙකුට ඔහොම කරනවා නම් රටට ආදරේ වුණත් රටේ ජීවත් වෙන්න බැහැ. ආයෝජන කරන්න බැහැ. එම නිසා විදේශ රටක ජීවත් වෙමින් රටට ආදරේ කරන්න. මම අත්දැකීමෙන් කියන්නේ. ප්‍රවේශමෙන්... ජයවේවා!!!

:       0       68

sanjeewa Friday, 17 August 2018 02:30 AM

ගිය ආණ්ඩුව කලේ මගේ තිබ්බ ඉඩමක් මම සහෝදරියකට අඩු ගානට දුන්නා. නැත්නම් රට ඉඳලා එනකොට නගර සභා කාරයෙක් එක අල්ලාගනියි කියලා. ඒ කාලේ ඒ ගොල්ලොත් ඇමතිවරු වගේනේ හිටියේ. දැන් බලාගෙන ගියහම වෙනසක් නැහැනේ!! මේක එළියට ආවේ නැත්නම් ඉඩම හබක්!!

:       1       18

senarath Friday, 17 August 2018 03:32 AM

දිලන්ත මාලගමුව කියන්නේ අපේ රටෙන් බිහිවූ ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. මේ දේශපාලන නොසන්ඩාලයින්ට, ඒ මනුස්සයා ඉඩම් කෑල්ලක් විතරවත් වටින්නේ නැහැ.

:       0       38

krishanthaFriday, 17 August 2018 07:32 AM

රටක වටිනාකම නොතේරෙන මිනිස්සුන්ට මාලගමුවගේ වටිනාකම තේරේවිද?

:       0       15

Raveendra Friday, 17 August 2018 08:02 AM

"දේශපාලකයා යනු මී හරකෙක් මෙන්ම කුළුහරකෙක්" යන්න මෙයට තවත් හොඳම උදාහරණයකි. මෙම නිවට ගතිගුණ අප රටේ තිබෙන සෑම " මූසල කාලකන්නි " පක්ෂයකටම පොදු සාධකයකි.

:       0       118

පිටිගල මිලානෝ Friday, 17 August 2018 09:31 AM

දේශපාලන වල් පැළෑටිවලින් ගහන අපේ රටේ ඵලදරන රුකකට පැවැත්මක් නැත. ලෝකප්‍රකට ඉතාලි ධාවන ශුරයන් සමග ගොස් ඔබ දිනන හැටි මිලානෝ මොන්සා ධාවන පථයේදී අප බොහෝ දැක ඇත.

:       0       3

චමින්ද හේරත් Friday, 17 August 2018 09:15 PM

දේශපාලකයින් අපේ රටේ නැහැ. හිටියෙත් ඉන්නෙත් " දේශපාලුවන් " ඔවුන්ගේ රස්සාව රට කන එක. . ඔවුන්ට කොහෙද රටේ වටින මිනිහෙක් ගැන හිතෙන්න මොලයක් . අපේ වගේ ඔවුන්ගේ මොලය හිසේ පිහිටලා නැහැ. ශරීරයේ පශ්චාත් භාගය ඒ කියන්නේ අධෝ මාර්ගයේ අග තමයි දේශපාලුවන්ගේ මොලය පිහිටලා තියෙන්නේ. අශුචි කොතනද දේශපාලුවෝ එතන.

:       6       1

anil goonasekera Monday, 20 August 2018 12:43 AM

චමින්ද හේරත් ගේ කතාව හරියට හරි

:       0       0

රවින්ද්‍ර Monday, 20 August 2018 02:47 AM

ඔබතුමා මේ රට දාලා ගියත් අපි දුක්වෙන්නැ මොකද ඔබතුමන්ලාගේ ජිවිත බෙරගන්න පුලුවන්නම් මේ උතුම් රටේ ජිවත් වන ඇතැම් අය එක්ක ඉන්නවට වඩා රටින් පිටවෙන එක හොදයි. අනුන්ගේ දේ කඩා වඩා ගන්න දගලන අය ඉන්න රටක් මේ. ඔබට දිඝායු පතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1013 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 404 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site