IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගත් හමුදා සෙබළා මරුට

( රොමේෂ් මධුෂංඛ)


යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරට අයත් යුද හමුදා සෙබළෙකු සිය ගිනි අවියෙන් වෙඩිතබාගෙන මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.


අරාලි කොබ්බෑකඩුව පිළිරුව ආසන්නයේ පිහිටි යුද හමුදා කඳවුරේ මුර පොළක සිටි අදාල යුද හමුදා නිලධාරියා ඊයේ (28) රාත්‍රී මුර සේවයේ යෙදී අවසන් වූ අවස්ථාවේදී ගිමන් හැරීම සඳහා ආසන්නයේ පිහිටි ගසක් මුලට ගොස් විනාඩි 15 කට පමණ පසුව යුද හමුදා සෙබළාගේම ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.


මෙසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ 17 වන ගැමුණූ හේවා බලකා කඳවුරේ සේවය කළ 24 හැවිරිදි ජේ.එස්.ආර්. උදයකුමාර් වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි වූවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.


කෙසේ වෙතත් කයිට්ස් පොලිස්  නිලධාරීන් විසින් මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් ඔහු විසින් ලියා තිබූ අතර එහි ලියා ඇත්තේ මා සමඟ රාජකාර සිදු කළ සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසටත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති හෙයින් තමන් ජීවිතය නැති කරගන්නා බවටත්ය.


යුද හමුදා සෙබළා කිසියම් පෞද්ගලික හේතුවක් හේතුවෙන් සියදිවි හානි කරගන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන  බව කයිට්ස්  පොලීසීය සඳහන් කරයි.
 



අදහස් (3)

රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගත් හමුදා සෙබළා මරුට

sanjeeva Friday, 29 June 2018 06:12 AM

කෙතරම් ඛේදනීයද ? මෙරට ජනතාවට තේරුම් ගන්න බැරි තේරුම් ගන්න කැමති නැති දෙයක් තියෙනවා. දැන් යුද්ධය නිමාවී වසර 9ක් වෙනවා. එත් බොහෝ අයට තවමත් යුද්ධය නැතිව ජීවත්වෙන්න බැරිව ඉන්නේ. ඒ වගේම හමුදාවේ සේවය කරන සාමාජිකයින් බහුතරයක් සිටින්නේ අර යුද මානසිකත්වයකින්. යුද්ධයක් පවතින කාලයේ සහ එයින් පසු බොහෝ හමුදා සාමාජිකයින්ට මුහුණපාන වෙන තත්ත්වයක් තමයි සටන විඩාව... මෙයින් එහාට ගියවිට මීට වඩා භයානක මානසික තත්ත්වයකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ තමා "පශ්චාත් කම්පන මානසික ආබාධය" ... මෙම මානසික ව්‍යකූල තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍යයි. එහෙම ප්‍රතිකාර නොකරන අය‍ට එදිනෙදා ජීවත්වන එක පවා මහා ගැටලුකාර තත්ත්වයක් වෙනවා. ඒවායේ ප්‍රතිඵල තමයි පුද්ගලයින් ඉතාමත් නොසන්සුන් වෙනවා. ක්ෂණික කෝපය, අනික නුරුස්සන ගතිය, ඉවසීම අඩුවීම, සියදිවි හානිකරගන්න උත්සහ කිරීම වැනි දේවල්. මෙම අවාසනාවන්ත මරණයත් එවැනි දෙයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා කියා මා සිතනවා . සමාජයක් හැටියට අපි මෙම ද්වල්වලට වග කියන්න ඕනේ. යුධ මානසිකත්වයෙන් අපි සියල්ලම මිදිලා හමුදාවේ අයටත් උපකාර කරන්න ඕනේ.

:       1       13

SANATHFriday, 29 June 2018 05:30 PM

මේ 24 හැවිරිදි සොල්දාදුවාගේ ගම රත්නපුරය. එයා හමුදාවට බැඳෙන්න ඇත්තේ 2012 ට පස්සේ, ඒ නිසා යුද්ධයට සම්බන්ධ වෙලා නැහැ. යුද්ධය අවසන්වුනේ 2009 දී.. එයාට වයස අවුරුදු 15 යි. දහය වසරේ ශිෂ්‍යයෙක්. අනික එයා යුද්ධයට තිබුණු ප්‍රදේශයකවත් ජීවත්වෙලාවත් නැහැ.

:       0       0

Sanath Friday, 29 June 2018 08:20 AM

පහුගිය දවසක හාමුදුරු නමක් බණ දේශනා කරනකොට කිව්වා යමෙක් සියදිවි හානි කරගත්තොත් ඒ තැනැත්තා හෝ තැනැත්තිය ඒ වෙලාවේම පෙරේත ආත්මයක් ලබලා කල්ප ගණනාවක්ම මොහොතක් මොහොතක් පාසා ඒ විදියටම මැරි මැරී ඉපදෙනවලු. මේ සෙබලත් දැන් වෙඩි තියාගෙන මැරෙනවා ඇති හැම මොහොතේම... ඒකයි කියන්නේ මොනම හේතුවකටවත් සියදිවිහානි කරගන්න එපා කියලා...

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31260 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13442 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site