හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට විශේෂ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු බෝම්බ වලට රාජ්‍ය අනුග්‍රහය දක්වපු අය එළියේ... අනේ මෙහෙමත් රටක්....
බාලගිරි දෝෂය වගේ තමා
එහෙමවත් කරලා අපි මෙයාව හිරකරලා බලමු නේද. එතෙකොට ඡන්ද වැඩ ටිකයි සද්දෙයි අඩු වෙයිනේ.
නඩු වැඩිවෙන තරමටනෙ අපේ රටේ ජනාධිපති කමට සුදුසු වන්නේ? නඩු අහන කාලෙට අසනීප වෙයි කියලයි මට තියන භය???
දැන්නම් ඉතින් ඇත්තටම පපුවේ කැක්කුමක් හැදුනත් සිංගප්පුරු යන්න බැරිවෙයි. තරඟෙට නම දාලනේ තියෙන්නේ.
දැන් පරක්කු වැඩියි. සිරිසෙනයි රනිලුයි චන්දෙ දුන්නු ජනතාවගේ බලාපොරොත්තු පාවා දුන්නා. මේ හැමෝම එකම ජාතියේ බඩු. මේ සැරේ ජනතාව විකල්පයක් ගැන හිතන එක වලක්වන්න බැහැ.
විකල්පය තවත් චුදිතයෙක් වීම සුදුසු නැහැ නේද? චෝදනා නැති විකල්ප රටේ නැතිද? ඉන්න ඔක්කොම පක්ෂ නායකයෝ චුදිතයෝද ?
මේ සෙල්ලම් බලලා අපිටත් එපා වෙලා. අල්ලලා හිරේට දාන්න. මේ රටේ වෙන මිනිස්සු නැතුව නෙමෙයිනේ ඡන්දේ ඉල්ලන්න .
ඡන්දයක් ළංවෙන කොට තමයි මේවගේ විහිළු. පුළුවන් නම් මේ වෙලාවේ මහබැංකු මංකොල්ලයත් ගත්තොත් මොකද?
මේ බිෂාන් කියන්නේ ඊයේ ඉපදුණු කෙනෙක්ද? මෙලෝ රහක් නැහැ ලියන ඒවා...
ඔන්න ආයෙත් අපිට බලාගන්න පුලුවන් මිනී ගොඩගැනීම්, නඩු දැමීම්. අවුරුදු 5ක් ගිහිල්ලත් ඉතිහාසේ දූෂිතම දේශපාලනීකරනයක්... 2015 සමයේ කළ බොරු චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීමම ඒවා පට්ටපල් බොරු බව ඔප්පු කිරීමට හොඳටම ප්‍රමාණවත්ය.
වැරදි කළා නම් දඬුවම් හිමිවිය යුතුයි. නැත්නම් ජනාධිපති වුණාම මොනවා කරාවිද?
අවුරුදු 5ක් නොතිබුණු උනන්දුවක් දැන් තියෙන්නේ...
සිරිකොතේ ඉඳුල් කන ආණ්ඩුවේ බත් බැලයන් බය වෙලා තියෙන තරම මේකේ දාලා තියෙන අදහස් වලින්ම පේනවා. අනේ අනිච්චන් මෙහෙමත් බයවීමක්. මොනව කළත් වැඩක් නැහැනේ. කොටියව පැරැද්දුව ගෝඨාභය මහත්තයව ඕවාගෙන් බය කරන්න පුලුවන් කියලා. සමනල්ලුන්ගේ සිහින කොච්චර සුන්දර වුණත් මේ ගමන යූ.එන්.පී බයිලා පක්ෂය හේදිලා යන එක නවත්තන්න පුළුවනෑ...
අපි නෙමෙයි, මෙයාලමයි කිව්වේ රාජපක්ෂලා සල්ලි හෙව්වේ ඩොලර් බිලියන් ගණන් කියලා. එහෙම කියලා දැන් නඩු දාන්නේ ස්මාරකයක් හැදුවා කියලා. ආණ්ඩුවම කියන විදියට ඩොලර් බිලියන ගණන් සල්ලි හොයපු පවුලක් තමන්ගේ පියාගේ ස්මාරකය හදන්න කෝටි 4-5ක් වියදම් කළේත් රජයේ සල්ලිද? මම නම් හිතන්නේ නැහැ.. එහෙම ආදායමක් තියෙන කෙනෙක් මේ වගේ පුද්ගලික වැඩකට මෙච්චර සුළු මුදලක් රජයේ මුදල් වලින් වියදම් කරයි කියලා. මම හිතන්නේ මේ නඩුවෙන් ආණ්ඩුව අසුචි ගාගන්නයි හදන්නේ...
සිරාගේ ඇමක්... මිනිහ දැන් කොහොමත් පොහොට්ටුවේ අගමැතිනේ..
මේකටත් මොන ආකාරයෙන් හරි තහංචියක් ගනීවි.
ඔක්තෝබර් කියන්නේ ටිකක් පරක්කු වැඩියි... මම නම් හිතන්නේ. එතකොට නාමයෝජනා බාරදීලත් ඉවරයිනේ...
දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න. නඩු තියෙන කිසිම හොරෙකුට, දූෂිතයෙකුට, ජනාධිපතිවරණයට තරග කිරීම තහනම්... දැන් ඉන්න නායකයින්ට මේ දේවත් කරන්න බැරිනම් ඔය බලයෙන් වැඩක් නැහැනේ..., මේ රටේ වෙන දූෂණ දිහා බලනකොට මේ ලොක්කන් වැඩ කරන්නේ, ගුවන් විදුලි ලයිසන් එකෙන්ද? ඒකනේ කිසිම විසඳුමක් නැත්තේ... මේ මැතිවරණය නතර කරලා රටේ නීතිය රජ කරන්න. කිසිම නීතියක් නැතිව එක එක රජ්ජුරුවන්ට ඕනෑ විදියට වැඩ කරන්න බැහැ. හිස්බුල්ලත් ජනාධිපති තරගෙට එනවලු... නියමයි, වැරදි තිබුණත් අත්අඩංගුවට ගන්න බයනෑ... රටේ නීති, පක්ෂයෙන් පක්ෂයට වෙනස් වෙනවා. අපිට හැමදාම එකයි. ඒ කියන්නේ ජනතාව සැබෑ මිනිස්සු... මේ කට්ටිය තිරිසන්නු කියන එකද?
ලංකාවේ අධිකරණයට මෙයාට විරුද්ධව නඩු අහන්න බලයක් නැහැ කියලා එයා ඇමෙරිකාවේදී ඉගෙන ගත්තලු...
දවස ගානේ අැහැව්වත් වැඩක් වෙයිද? ඔව්වා ඉඩම් නඩු වගේ තමයි. ඡන්දෙට කලින් ඉවර කරගත්තොත් ලොකු දෙයක්... නඩු තියෙන කට්ටියට රටේ ජනාධිපති වෙන්න බැරි කරන්න හිතාගෙන තමයි බැරිවෙලාවත් ජනාධිපතිකමට ඉල්ලයි කියලා හිතන හැමෝටම නඩු පටලවලා අන්තිමට ඡන්දෙ කිට්ටු වෙනකල් නඩු අහන එක පසුකලේ...
ගේම් එක පැහැදිලියි.. අවුරුදු පහක් ඉඳලා අපේක්ෂකයා වෙලා ඉල්ලනකොට ඒ මිනිහව දුෂිතයෙක්, වංචනිකයෙක් කරලා නැති කරලා දාන්නයි හදන්නේ. එකපාර අදෘශ්‍යමාන හස්තයක් විසින් මේ දේශපාලන මාෆියාවෙන් මේ රට නිදහස් වෙනවා නම් මිසක් නැතිනම් ගොඩඒමක් නැහැ. අපි වගේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ඉදිරියට එන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ.
නඩු මතින්, මළමිනී උඩින්, බෝම්බ හඬින්, මතුවෙන ජනපතිට වහල්කම් කරන්න අපේ රටේ වහලුන් කොතරම් නම් පෙරුම් පුරනවද?
"කස පුපුරන හඩ" "ලඟම ඇහෙන කොට" "පෙරහැර එන බව අැඟවෙනවා" වෙනවෙන නම්වලින් "මානසික වහල්ලු" තෙතුන් දෙනෙක් කමෙන්ට් දැම්මට රටේ බහුතරක් දන්නවා ඇත්ත මේ සංදර්ශනවල ඇත්ත තත්වේ... රටේ ජනතාවගේ අපේක්ෂාව, පැතුම "ගෝඨා". අනෙක් අය පට්ටම පට්ට හොරු කියලා ජනතාව 2015 දී දැනගත්තා..
මොනවා වුනත් පැහැදිලිවම පේනවා ගෝඨාභයට කට්ටිය හොඳටම බය වෙලා කියලා... ආණ්ඩුව අරං දැන් අවුරුදු 5ක් වෙනවා. දැං තමයි නඩු පටං ගන්නේ හිටන්...
මේ ඔක්කෝම රනිල්ගෙයි, සිරාගෙයි අහිංසක ජනතාව රවට්ටන්න දාපු කපටි ප්ලෑන්... මේ අවස්ථාවේ හොරුයි, පල්හොරුන්ට වහල්කම් කරන අයයි තවත් උදම් වෙනවා මිසක් වෙන දෙයක් නැත...
ගෝඨාට බයවෙලා නෙවෙයි..., මෙයාගේ හැටි මෝඩ මිනිස්සු දැනගන්න ඕනෑ.
ගෝඨාව අල්ලන්න වගේ හදන්නේ...
මෙතුමා යම්කිසි වරදක් සිදුකල බව, මෙතුමා විසින් පිළිගත්තත්, මානසික අන්ධභාවයට පත්වෙලා ඉන්න වහල්ලු සෙට් එක නම් ඒක කීයටවත් පිලි ගන්න එකක් නැහැ. බෙලිඅත්ත පැත්තේ මෙතුමාගේ පිළිරුවක් වත් ඉදිකළා නම් මේ වහල් සෙට් එකට වන්දනාවේ ගොස් වන්දනාමාන කරන්නත් ඉඩ තිබුණා.
දූෂණ, අපරාධ නඩු කප්පරක් ගොනුකර තිබෙන පුද්ගලයෙකුට මැතිවරණයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධකයක් නැති ලෝකයේ එකම රට අපේ ශ්‍රී ලංකාව පමණි .
යුද්ධය ඉවර කලේ සරත් ෆොන්සේකා මිස බලෙන් ලකුණු දාගත්ත සහෝදර සමාගම නෙවෙයි. මෙයා යුද්ධයට බයේ ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්.. මම හමුදාවේ යුද්දේ කාලේ හිටපු කෙනෙක්. කවුද යුද්දේ කලේ කියලා මම දන්නවා.
අවුරුදු 100ක් පරණ නඩු..! අවුරුදු 200 ක් පරණ ඉඩම් නඩු මේ පරිදිම අසා හෝ නිම කරමුද?
දැන් ගෝඨයි, සිරිසේනයි, මහින්දයි එකට ඉන්නේ, තදියමේ සිරිසේන මෙම නඩු උඩට ගන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්නේ...
ලංකාවේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකට හොඳම නිදසුනක් තමයි මේක.. කෝ එතකොට මහා බැංකු කොල්ලයට අදාල නඩු...?
ඇතුළට දැම්මොත් ගෝඨා අතඋඩින් ජනාධිපති වේ...
අනේ දෙමළුන්ට මුස්ලිම් අයට මේ රට වෙඩි බලයක් හිමිවූ දාට මේ විනාශයේ තරම තේරෙයි. එහෙමම තමා වෙන්න ඕනේ...
ජනතා මුදල් හොරාකාපු හොරුන්ට අනිවාර්යයෙන් දැඩි දඬුවම් දිය යුතුයි..
ඔය එක්කම "වැලිකඩ" නඩුවත් එනවලු ඔන්න. එක්කෝ නීතිය පසිඳින්නයි යන්නේ නැත්නම් " චූදිතයින් සියලුම දෙනා නිදොස් කොට නිදහස්" කරන්නයි යන්නේ. නීතිය ක්‍රියාත්මක කළොත්" මෙන්න මෙන්න දේශපාලන පළිගන්නවෝ" කියලා කෑගහයි. නිදහස් කළොත් "මේ ආණ්ඩුවට කොන්දක් නැහැ" කියල කෑගහයි. අර විනෝද සමයේ කිව්වා වගේ තමයි. "දෙකම එකයි හැබැයි වෙනස්.."
මේ තව රංගනයක්... අගමැති රංගනයේම කොටසක් මිසක්.. වෙනදෙයක් නැහැ. හොරුත් ඔවුන්ගේ, බඩුත් ඔවුන්ගේ...
මේක යූ.එන්.පී වැඩක් නොවේ. හීන් නූල් සිරාගේ වැඩක්.
ඡන්දයක් කිට්ටු වෙද්දි හැමදාම කියපු දේනේ...
අවුරුදු 17ක් ඇමෙරිකාවේ හැංගිලා ඉන්නකොට අම්මා, තාත්තා මතක් වුනේවත් නැහැ.. 2005 අයියා ජනාධිපති වුණාට පස්සෙ මෙහෙට ඇවිල්ලා.. ස්මාරකත් හැදුවා.. හැබැයි අපේ සල්ලිවලින්..
හරියට නඩුව ඇහුවොත් ගොට්ලර් පරාදයි, මොකද වියදම් කරපු රජයේ මුදලින් කොටසක් ගෙව්වේ වැඩේ වැරදි නිසයි.
ඕක ඉතින් හැමදාම කරනවනේ ...ඔය සේරම අපිව රවට්ටන්න ..උන් උන් සේරම යාලුවෝ .උන්ට දිනන්න ඕනේ උනාම උන් ඒ පැත්තට බනිනවා නඩු දානවා .මේ පැත්ත දිනුවම මොකුත් නැහැ ..පට්ටම හොරු ඉන්නේ .මුන් දන්නවා මිනිස්සුන්ව රවට්ටන්න හරිම අපුරුවට දැන් ගොටා සජිත් කියා කියා මිනිස්සු මර ගන්නවා මේකේ වාසිය සුළු ජාතීන්ට ..අපේ මිනිස්සු හැමදාම අසරණයි ....