(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමඟ සැකකරුවකු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 15 ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ඊයේ (12) රාත්‍රී 11.15 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බඩෝවිට දෙවැනි අදියර ප්‍රදේශය පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන කඳවුරේ භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලිසියට බාරදී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.