IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රුපියල් කෝටි දෙකහමාරක මත්පෙති 4000 ක් රේගුවේ හිරවෙයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජි.කපිල)

රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් මෙතෆෙටමින් අඩංගු එක්සටසි නමැති මත්පෙති 4000 අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචි පුද්ගලයකු වෙත ඒවා තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂ්ම ලෙස මෙම මත්පෙති තොගය සඟවා සඟවා තිබූ බව රේගු මාතෘ ප්‍රකාශකවරයා පවසයි.

ඇද ඇතිරිලි සහ සෙල්ලම් බඩු මෙම පාර්සලයේ අඩංගු බවට රේගුවට ප්‍රකාශ කර එහි කාඩ්බෝඩ් බිත්ති තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්පෙති සඟවා තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මත්පෙති තොගයේ බර ග්‍රෑම් 1600ක් පමණ වන බවද සඳහන් කළේය.

මෙම පාර්සලය නිෂ්කාශනය කර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරු අංශය වෙත පැමිණ සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මේ වන විට ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම මත් පෙති ආනයනය පිළිබඳ මූලික විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්  සිදු කරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්පෙති තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමට නියමිත බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (1)

රුපියල් කෝටි දෙකහමාරක මත්පෙති 4000 ක් රේගුවේ හිරවෙයි

gagana Sunday, 16 January 2022 03:41 PM

ඉක්මනට නිදහස් කරන්න ඉතින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site