(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි (44) පුද්ගලයකු බවද හෙතෙම කියා සිටියේය.
අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි බව කියන 22 හැවිරිදි සහ 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි කරගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
22 හැවිරිදි තරුණිය අමාත්‍ය වරයාගේ නිල නිවසේ සේවය කරමින් සිටියදී සැකකරු විසින් දෙවරක් ම ඇය දූෂණයට ලක්කර ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම 22 දෙහැවිරිදි තරුණිය ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්. 2015 වසරේ සිට 2019 වසර දක්වා ඇය මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිට ඇත.
මෙම කානතාවන් දෙදෙනා ද මෙම නිවසට සපයා ඇත්තේ ඉහත තැරැව්කරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS
මේ සිද්ධි වලින් පේනවා රිෂාඩ් විතරක් නෙවෙයි මුළු පරම්පරාවම වැරදි වැඩ කරන පිරිසක් බවට... එයා අනාථ ලේබලයෙන් පුත්තලමට ආ දිනයේ සිට අද දක්වා මේ වත්කම් රැස් කලේ කොහොමද කියලා සොයන්න. මේ වගේ බිලියනපතියෙක් වුනේ කොහොමද? එයාගේ සියළු පැටිකිරිය එතැනින් එළි කරගන්න පුළුවන්... එයාට හැම පැත්තකින්ම දෙන දේශපාලන රැකවරණය ඉවත් විය යුතුයි. එමෙන්ම එයාට රැකවරණය දෙන දේශපාලකයින්ගේ තොරතුරුත් ප්‍රසිද්ධ කරන්න ඕනෑ...
එයාගේ දුරකථන අංකය හොයලා දෙන්න බැරිද?
හොඳ හොඳ සෙල්ලම් දැන් හෙළිවේ... රජයක නිරුවත දැන් හෙළිවේ...
වතුරට බහිනකොට යොත දෙන්නේ මස්සිනාටයි කියනවලුනේ.... වැඩේ කරේ කවුරුවත්... ඉදිරිපත් වුනේ කවුරුවත්...
රිෂාර්ඩ් බදුර්දීන් පවුල බේරාගැනීම සඳහා පක්ෂ, විපක්‍ෂ සැම කළහැකි සියලුම දේ කරනු ඇති. ඇස් දෙක බැඳගෙන හොරට කිරන අම්මණ්ඩිගේ කළු කබා කට්ටිය උදවිය පොතේ තියන ගැලවෙන උපක්‍රම සියල්ල කාකි කෝට් ලොක්කන්ට ලබා දී ඇත. අපි උඩ පැනිමින් නැටුවට වෙන්න ඕනේ දේ වෙලාවට වෙයි. ගිනිගත් නැව වරාය සමග කළ සියලු සංවාද මැකී ගියා වගේ වෙයි. අපි ඉස්සර හිතුවේ වෙසක් සඳ පායන්නේ අපිට පන්සල් යන්න කියලා. නිදහස් දිනය තියෙන්නේ නිදහස සමරන්න කියලා. ඒක බොරු.. ඔය දෙකම තියෙන්නේ අපි සමරන අතරේ ඔවුන්ගේ අය එළියට දාන්න. ඕකට පක්ෂ බේදයක් නෑ. ජාති බේදයක් ආගම් බේදයක් නෑ..
මොහු වැරදිකරු වෙලා හිරේ ගිහිල්ලා සමාව අරගෙන නිදහස් වෙලා ඇවිල්ලා සංස්ථාවක සභාපති කමකුත් හම්බවේවි නේද...?
වැඩිහරියක් මුස්ලිම් ආගමිකයෝ මානසික රෝගීන්... ඒ නිසා තමයි ත්‍රස්තවාදීන් බවට පත්වෙන්නේ.
රිෂාඩ්ට ගැලවීමක් නැහැ කියලා අපි හිතන්නේ. රිෂාර්ඩ් මහින්දගේ සෙවනේ හැදුණු කෙනෙක් ඉදිරියේදී එයාව ඕනවෙනවා. දත්ත 4 එයට සහාය දෙනවනේ. මේවා සලකලා දෙන්න ගේමක් ගහනවා. අපි බලාගෙන ඉන්නවා ගොන්නු වගේ...