(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත කතානායකවරයා සහතිකය සටහන් කිරීමෙන් පසු බලාත්මක වන හෙයින් ඒ පනත ප්‍රකාරව කටයුතු කිරීමට සිදුවන නිසා පක්ෂ ලේකම්වරුන් සමග ඒ සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
මැතිවරණයේදී අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත. මැතිවරණයේදී ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 15ත් 20 ත් අතර මුදලක් පමණක් වැය කිරීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එහිදී ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ.
එසේම මැතිවරණ ප්‍රචාරක කටයුතු විභාග කටයුතුවලට බාධා නොවන ආකාරයෙන් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණයට අදාළ සෙසු කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවට මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ලබා දුන් දේශපාලන පක්ෂවල ලේකම්වරුද කොමිසමේ සෙසු ප්‍රධානීහුද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
75
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ වියදම් සීමා කිරීමට මැකෝ ගෙන් උපදෙස්