IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


සන්නද්ධ පිරිසක් ඕ.අයි.සී.ගේ බිරියට පහරදී නිවෙස කොල්ලයි

(සුමිත් පොතුපිටිය)

කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා පදිංචි වැලිපැන්න , බොන්දුපිටිය,  කුරුන්ද පාරේ  නිවසට අද දහවල්  යතුරුපැදි වලින් කඩාවැදුණ  සන්නද්ධ පිරිසක් නිවසේ තිබූ ජංගම  දුරකථන 2 ක් , රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .

සන්නද්ධ සාමාජිකයින් කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂක වරයා නිවසේ සිට නැති බවත් සන්නද්ධ සාමාජිකයින් ගේ ප්‍රහාරයට ලක්ව පොලිස් පරීක්ෂක වරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවත්  පොලිසිය සදහන් කරයි.

සන්නද්ධ සාමාජිකයින් ටී 56 ගිනි අවියක් රැගෙන ආ බවත්, රන් මාලයක් සහ මුදුවක් කොල්ලකා පලාගොස් ඇති බවට  මෙතෙක් කල පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ද සදහන් වේ.

කළුතර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශයේ ආරක්ෂක කැමරා යොදා මේ වනවිට  පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

සන්නද්ධ පිරිසක් ඕ.අයි.සී.ගේ බිරියට පහරදී නිවෙස කොල්ලයි

කිරි පුතා Saturday, 03 December 2022 02:57 PM

අඩුම ගානේ මේ හොර කල්ලියටවත් කළ වැඩේ වැරැදියි කියලා තේරෙන තරමට දඬුවමක් ලැබේ යැයි සිතමු. උසාවි දැම්මොත් ඉතින් පුස්ස බින්දා වගේ තමයි. සාමාන්‍ය ජනතාව වඩා බිය ගන්වන සිදුවීමක්...!

:       3       16

ලසන්ත Saturday, 03 December 2022 07:19 PM

සාමාන්‍ය අයගෙන් අහනවා වගේ සැක කවුද කියලා ඇහුවේ නැතෙයි...

:       0       11

Perera Sunday, 04 December 2022 12:29 AM

අධිකරණයේ භාරව තියෙන රත්තරන් හොරකම් කරගෙන යනවානම් ඕ.අයි.සී.ගේ ගෙදර තියෙන ඒවා කජ්ජක්ද.?

:       0       4

sam Sunday, 04 December 2022 06:59 AM

පොලිසිය නිදිද මෙච්චර දෙයක් වෙද්දී.

:       1       1

sujeewarSunday, 04 December 2022 10:19 AM

හොරු කිය කිය එන්නෙත් නැහැ. අවිල්ලා අපි ආවෝ කියලා නෑ ගහන්නෙත් නැහැ. ඇවිල්ලා සද්ද කර කර හොරකම් කරන්නෙත් නැහැ. හැම ගෙදරකටම පොලිස් නිලධාරියා බැගින් යොදවන්නත් බැහැ. ඔක්කොටම වඩා හොරුන්ට මිනීමරුවන්ට ස්ත්‍රී දූෂකයන්ට මානව හිමිකම් වල ආරක්ෂාව හොඳටම තියෙනවා, ඒ අයගේ ආරක්ෂාව සැලසීමට එක එක රාජ්‍ය නොවන සංවිධානයි, එක එක ස්වාදීනයි කියාගන්නා කණ්ඩායමුත් ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site