ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් නවදිල්ලි නුවර උද්ඝෝෂණයක නිරත වී සිටි එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක රාජ්‍ය සභාවේ සාමාජික වයිකෝ ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ඊයේ උදෑසන වයිකෝ ඇතුළු පිරිස උද්ඝෝෂණයක නිරත වී සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර හෙතෙම නොවැම්බර් 30 වැනිදා දක්වා එරට රැඳී සිටිනු ඇත.
මෙම සංචාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු නිල විදෙස් සංචාරයයි.
055
COMMENTS
මේ මනුස්සයා දේශපාලනය කරන්නෙම විරෝධතාවය දැක්වීමෙන්මනේ. ඔයිට වැඩිය හොඳ නැද්ද එකතුවෙලා ජනතාවට සේවයක් කළාම...
මෙයා හැමදාම ලංකාවේ අන්තරේ වගේ.. ‘‘එනවා. කනවා. යනවා‘‘
මෙයත් හරියට මෙහෙ සිවාජිලිංගම් වගේ...
රනිල් එනවට විරෝධතා කරලා තියෙනවද?
මෙයත් හරියටම අර අපේ අන්තරේ අය වගේ. ඒ අයත් බොරුවට උද්ගෝෂණ කරලා ඕනෑකමින් අත් අඩංගුවට පත් වෙනවා