(අංජුල මහික වීරරත්න)
නිල ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවට උදාවන නව අවකාශයන් හරහා සංවර්ධන අවස්ථාවන් ගොඩනංවා ගැනීමට නොර්වේ රාජ්‍ය සතු අත්දැකීම්, නව දැනුම හා සහය ලබා දීමට සූදානම් බව නොර්වේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නිකොලායි අස්ට්‍රප් මහතා සමඟ පැවසීය.
නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස වෙත රාත්‍රී භෝජනයක් පිරිනමමින් අස්ට්‍රප් මහතා වැඩිදුරටත් පැවසූයේ දෙරටටම සාගරය ඉතා වැදගත් බැවින්, සාගර ආර්ථිකය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
සාගර අර්ථිකය නංවාලීමේ අරමුණින් නොර්වේ අග්‍රාමාත්‍යවරිය විසින් මේ වන විටත් ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇති බවද මෙහිදී අස්ට්‍රප් මහතා සඳහන් කළේය.
සමුද්‍ර දූෂණය අවම කර ගැනීම හා සාගර සම්පත් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.
අනාගතයේ දී මත්ස්‍ය වගාව සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බව දෙපාර්ශවයේම මතය විය. සාගර කලාපයන්හි සාමය, ආරක්‍ෂාව හා නිදහස් නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැණිනි.
COMMENTS
හැමෝම සූදානමින් ඉන්නවා සෑහෙන කලෙක ඉඳන්. එ්ත් ඉතින් තව මොනතරම් කාලයක් යයිද වෙඩිල්ල පත්තු කරන්න. ඒ වෙනකොට තව මොනමොනවා වෙයිද? රටේ ලෝකේ. එ්කනේ බුදු බණේ වුණත් තියෙන්නේ "අප්පමාදෝ අමතපදං" කියලා.
තවත් මහේන්ද්‍රන් කෙනෙක්ද ගේන්න යන්නේ? මේ රටේ ඕනේ තරම් සාගර ආර්ථික විශේෂඥයින් ඉන්නවා. ඔවුන්ට අවස්ථා දෙන්න. අර දුම්රිය එන්ජිමේ දෝෂය හදපු තරුණයාගේ හැකියාව හොඳ උදාරණයක්...
අපි නොදන්න නොර්වේ ප්‍රේමය.. ඒ පාර මොකාටද එන්න හදන්නේ..? කවුරුත් අත දෙන්නේ අපෙන් ලොකු දෙයක් බලාගෙනයි..
හෆීල්, වැරදි විදිහට තේරුම් අරන් වගේ. කිසිම රටක් අපිට ආදරේට උදව් කරන්නේ නැහැ තමන්ට උපරිම වාසියක් නැත්නම්. දැන් කාලේ තමන්ගේ කෙනෙක්වත් උදව් කරන්නේ නැහැ තමන්ට වාසියක් නැත්නම්. මේක තමා සත්‍යය.
මේ 225 අතරින් දැනුම තිබෙන්නේ කාටද කියා ඔබලා දන්නවානේ. ඔබලාගේ සාම ගැටවලට අසුනොවී යුද්ධයෙන්ම වැඩ කෙළවර කරපු කට්ටිය තමයි.. මේ රටේ සාමයක් අතිකරන්න දන්නෙත්... එමනිසා කියලා දෙන දෙයක් අර අනික් කට්ටියට කියා දීලා බැංකු මංකොල්ල කන විදිහ ඒ ගොල්ලන්ගෙන් ඉගෙන ගන්න...