(ඩයනා උදයංගනී)

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු මීට සුළු මොහොතකට පෙර වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු අරලියගහ මන්දිරයේ ආරක්‍ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා වේ. 

වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී  නැති බව පොලිසිය පවසයි.

මෙම සෙබළා වෙඩි තබාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වරකාපොල  අල්ගමල කන්දේගමල ගොඩයාකන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිල්රුක්ෂ අමරසිංහ නැමැති 30 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙකි.

(ඡායාරූප - ශාන්ත රත්නායක)