
ඇමරිකාවට අයත් ‘රීපර්’ වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බිම හෙලූ ‘එස් යූ 27’ වර්ගයේ රුසියන් ප්‍රහාරක ජෙට් යානා නියමුවන් දෙදෙනාට එරට ආරෙක්ෂක අමත්‍යාංශය වීර පදක්කම් පිරි නමා තිබේ.
පසුගිය දා ‘රීපර්’ ඩ්‍රෝන යානය කළු මුහුදට ඉහළින් පියාසර කරද්දී, රුසියන් ගුවන් හමුදාවට අයත් ‘එස් යූ 27’ ප්‍රහාරක යානා ඊට ඉහළින් පියාසර කරමින්, එම ජෙට් යානාවල ඉන්ධන ඩ්‍රෝන යානයට හැලෙන්න ඉඩ හැර තිබේ.
‘රීපර්’ ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීම සිදුවූයේ ඉන්පසුවය. ඩ්‍රෝන යානයේ සුන්බුන් සොයා ගැනීම පවා ඇමරිකාවට ගැටලුවක් වී ඇත. හේතුව එම මුහුදු කලාපයේ රුසියන් යුද නැව් සැරිසැරීම නිසාය.
රුසියාව චෝදනා කරන්නේ ඩ්‍රෝන යානය ඔත්තු බැලීමට ආ බවය. ඇමරිකාව පවසන්නේ, රුසියන් ප්‍රහාරක ජෙට් යානා, තම ඩ්‍රෝන යානය වට කළේ අන්තර් ජාතික මුහුදු සීමාවට ඉහළින් පියාසර කරද්දී බවය.
(රොයිටර්)

COMMENTS
ඉල්ලන් කන්න යන්නේ.
@ජගත් ලියනගේ, ඔව් ඇමෙරිකාව නම් හුඟ කාලයක ඉඳන් ඉල්ලන් කන්න තමයි හදන්නේ.
ලෝකයේ බලය තුලනය විය යුතුමයි. එසේ නොවූ තැන වෙන්නේ විනාශයකි. රුසියාව මේ අයුරින් හැසිරීම ඉතාම සතුටට කාරණාවකි...