IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ කාලය හෙටින් අවසන්

(දසුන්  රාජපක්ෂ) 

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්  පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි බාර ගැනීම හෙට (20) දිනයෙන් පසු අවසන් කරන බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ වන විට කොමිසමට පැමිණිලි 305ක් ලැබී තිබෙන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ විශේෂ පොලිස් ඒකකය මගින් මූලික විමර්ශනයන් සිදුකරමින් පවතින අතර විමර්ශන අවසන් කර පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන්  කොමිසම හමුවේ සාක්ෂි ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.

ඒ අනුව ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට  හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී.දසනායක යන මහත්වරුන් සාක්ෂි ලබාදී ඇත. 

මෙම කොමිසම වෙත පැමිණිලි බාර ගන්නා දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ කාලය හෙටින් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site