IMG-LOGO

2023 දෙසැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කුලසිරි බුදවත්තයන් දිවි සැරිය නිමා කරයි

(ඩයනා උදයංගනී)

මෙරට ප්‍රවීණ නර්තන ශිල්පියකු මෙන්ම නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත විය.

කලක් අසනීප වී සිටි බුදවත්ත මහතා මියයන විට 71 වන වියේ පසුවිය.

උඩර‍ට, පහතරට නර්තන නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥ දැනුමක් ලබා සිටි කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට සුවිසල් මෙහෙවරක් ඉටුකළ අයෙකි.

ඔහු 'බුදවත්ත රංගායතනය' නමින් රංගායතනයක් ද පවත්වාගෙන ගිය අතර නර්තන ‍ක්ෂේත්‍රයට ‍තවත් ශිල්පීන් රැසක් බිහිකළ ගුරුවරයෙක් ද විය. ඔහුගේ බිරිඳ වන නේමාලි බුදවත්ත මහත්මිය ද නර්තන ආචාර්යවරියකි.

කුලසිරි බුදවත්ත මහතා එක් පුතෙකුගේ පියකු වන අතර රංගන රන්සිලු බුදවත්ත නම් ඔහුද නර්තනයේ මෙන්ම බෙරවාදනයේ දස්කම් දක්වන්නෙකි.

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනී ‍ෆොන්සේකා මහත්මිය ද කුලසිරි බුදවත්ත මහතාගෙන් නර්තනය හදාරා ඇති අතර ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, නර්තනාචාරිනී උප‍‍ේකා ගංගොඩවිල, රංගන ශිල්ප ශිල්පිනියන් වන ජගත් චමිල, සුරාජ් මාපා, මංජුලා කුමාරි, බුදවත්තයන්ගේ ශිෂ්‍ය පරම්පරාව නියෝජනය කරති.

 



අදහස් (8)

කුලසිරි බුදවත්තයන් දිවි සැරිය නිමා කරයි

පිටරැටියා Wednesday, 23 June 2021 04:41 PM

ලංකාවේ හිටපු ඉතාම දක්ෂ නර්ථන ශිල්පියෙක්... ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !

:       8       102

ජගත් ලියනගේ Wednesday, 23 June 2021 05:44 PM

ඔහු ඉතාමත්ම දක්ෂ නර්තන ශිල්පියෙක් වගේම දක්ෂ ආචාර්යවරයෙක්... නැටුම් කලාවෙන් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් යහමඟට යොමුකළ ගුරුවරයෙක්... එතුමාට උතුම් වූ නිවන්සුව අත්වේවා..!

:       0       54

මුණසිංහ Wednesday, 23 June 2021 05:52 PM

සුපිරිම අග්‍රගන්‍ය ශිල්පියෙකු අහිමි වී ඇත. ඔබගේ නාමය සදාකාලිකයි. ඔබට නිවන් සුව..!

:       0       38

gama Wednesday, 23 June 2021 06:33 PM

මට මතක විදියට 1974 හෝ 75 කාලයේ... අපි එතකොට 6 හෝ 7 පන්ති වල ළමයි. අපි නැටුම් විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදුනේ පාසලේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක... එදා අපේ පන්තියට ආවේ අලුත් ගුරුවරයෙක්... ඔහු කඩවසම් ප්‍රසන්න සිනාවකින් මුහුණ පුරවාගත් තරුණයෙක්. මට හිතෙන්නේ එදා තමයි ඔහුගේ ගුරු ජීවිතයේ පළමු දිනය... මට මතකයි ඔහු අපිට පිටරටවලදී කරපු සංදර්ශන වල පින්තූර ගෙනත් පෙන්නුවා. මම ඒ තරම් දක්ෂතාවක් දැක්වූයේ නැතත් ඔහුට අපට ඉගැන්වීමට ලොකු ආසාවක් තිබුණා කියලයි මට හිතෙන්නේ. මට මතකයි අපව අවුරුදු උත්සවයක මුද්‍රා නාට්‍යයක් කරන්න එක්ක ගියා. පාසලේ තිබුණු සංදර්ශනයකදී පන්දම්පාලිය නටපු විදිය හරිම අපූරුයි. මට මතකයි ඔහු නැටුමේ විහිළු ක්‍රියාකාරකම් තුලින් තරුණ ගුරුවරියන්ට විහිළු කරපු හැටි. කවුරුත් එදා එතුමාගේ දක්ෂතාව ගැන කතා වුණා. එතුමාගේ පියාගේ කලායතනයක් තිබුණා පොල්අතු සෙවිලි කළ... මට මතකයි එහිත් මම ටික කලක් නැටුම් හැදෑරුවා. පස්සේ කාලෙක මට දැනගන්න ලැබුණා ඔහු විශාල කණ්ඩායම් සංදර්ශන සංවිධානය කරනවා කියලා... ඔය විදියට මුළු රටේම ප්‍රසිද්ධ නැටුම් ගුරුවරයෙක් වුණා.

:       0       22

gama Wednesday, 23 June 2021 06:33 PM

ගුරුතුමනි, මට හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබට නිවන් සුව...!

:       0       20

Thilak Wednesday, 23 June 2021 07:00 PM

ඔබට අමාමහ නිවන්සුව ලැබේවා..!!!

:       0       24

chandima Wednesday, 23 June 2021 07:19 PM

ඔහුගේ සිසු සිසුවියන් නර්තනවලට යොදා ගත්තේ ඉතා විනීත සංවර ලෙස ඇඳුමින් යුක්තවයි.

:       0       24

Mandoini de s8lva Wednesday, 23 June 2021 07:43 PM

අපමණ මෙහෙවරක් කළ ගුරු පියාණෙනි, ඔබට නිවන් සුව..!!!

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ දරු උපත් අඩුවෙලා
2023 දෙසැම්බර් මස 07 57 0

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් ඉපදීමේ විශාල වශයෙන් අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව පෙනී යන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන්


වික්ටෝරියා උතුරයි
2023 දෙසැම්බර් මස 07 371 0

මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම මට්ටම දක්වාම පිරී ඇති අයුරු දකින්නට ලැබිණි..


ශ්‍රී ලංකා - රුසියා ආරක්ෂක සබඳතා ශක්තිමත් වෙයි
2023 දෙසැම්බර් මස 07 179 0

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු ආරක්ෂක කවුන්සිලේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා


කෝටි 6ක විශ මත්ද්‍රව්‍ය සීදුවෙන් අල්ලයි
2023 දෙසැම්බර් මස 07 161 0

ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය ත


මන්ත්‍රීවරුන් බයිට් කරන කෙනෙක් ගැන චාමරගෙන් පැමිණිල්ලක්
2023 දෙසැම්බර් මස 07 480 0

මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම්දී සමච්චලයට ලක් කරන( බයිට් කරන) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍


ගිලන් භීක්ෂූන් වැඩ සිටින විහාරයේ විදුලිය කපයි-භික්ෂූහු තෙනමක් අපවත් වෙති
2023 දෙසැම්බර් මස 07 628 0

ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ ⁣හත්දහසකට ආසන්න විදුලු බිලක් න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 977 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 737 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4710 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site