පාලිත ආරියවංශ
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතාවය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සදහා සහන පැකේජය ලබාදීම අසාර්ථක වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (30)පැවැති සාකච්ජාවකදී පැවසීය.
වියලි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කල ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සදහා සතොසට ඇනවුම් කළත් ඒවා මෙතෙක් ලබානොදීමෙන් අඩුමිළට ලබාදෙන සහන පැකේජය ගම්මාන කරා යැවීමට නොහැකිවී ඇති බව බදුල්ල නගරාධිපතිවරයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු මෙහිදි පෙන්වාදුන්හ .
බදුල්ල නාගරික සීමාවේ අඩු ආදායම් ලාභීන්ට ආහාර ආධාර නොමිලේ පරිත්‍යාග කිරීම සදහා මහ නගර සභාව රුපියල් ලක්ෂ 23 ක් වෙන්කර සතොසට ඇනවුම් කර ඇතත් එම බඩු ලබාදීමට සතොස මෙතෙක් අපොහොසත් වීමනිසා එම පරිත්‍යාගය සිදුකිරීමට නොහැකි වී ඇති බව බදුල්ල මහා නගරසභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා මෙහෙදී පැවසීය .
සහල් නම් පුද්ගලික අංශයෙන් ලබාගැනීම සදහා දැනටමත් කටයුතු කර ඇති බවද හෙතෙම සදහන් කළේය .
සතොස පෝලිම් වැඩි ඇති වී ඇත්තේ සැමන් සහ පරිප්පු නිසා බව පෙන්වා දුන් ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒවා සමුපකාර මගින් අළෙවි කිරීමට කටයුතු කර නගරයට අනවශ්‍ය ලෙස පැමිනෙන ජනතාව අවම කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය .
රටේ භාණ්ඩ හිගයක් පවතින බව අවධාරණය කළ ඇමතිවරයා තිබෙන භාණ්ඩ ක්‍රමානුකූලව ජනතාව අතට පත්කිරීමේ ක්‍රම වේදයක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දුන්නේය
ඒ සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ සහල් අර්තාපල් හා එලවළු සැපයීමේ ගැටළුක් නැතැයිද කීවේය .
නොමිලේ සහන පැකේජය , සදහා මෙන්ම පොරොත්තු ලේඛනයේ සිටින සමෘධි ලාභීන්ගේ ණය, පොරොත්තු ලේඛනයේ සිටින ආබාධිතයන් සහ මහජන ආධාර ලබන්නන් ඇතුළු ව පවුල් දිස්ත්‍රික්කයේ 94800 ක් සදහා සහන සැලසීම සදහා අවශ්‍ය මුදල් ඉල්ලා ඇතත් ඒවා මෙතෙක් ලැබී නැති බවද මෙහිදි අනාවරණය විය .
මේ පිළිබදව කැබිනට් අනුමැතිය ලැබී ඇති නමුත් මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ප්‍රතිපාදන නොලැබීම නිසා මේ තත්වය උද්ගතව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
36
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
338
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදුල්ලේ අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ සහන පැකේජය අසාර්ථකයි
lalithm Monday, 30 March 2020 06:20 PM
යමක් හැරි හැටි තේරුම් ගැනීම සහ ප්‍රසිද්ධියේ කීම ගැන නිමල් සිරිපාල මහතාට ප්‍රණාමය. මෙවැනි අවස්ථාවක කළයුත්තේ සෑම ගමකම තිබෙන ලොකු කුඩා වෙළඳ සල් හරහා පෝලිම් නැති ක්‍රමයකට බඩු බෙදාහැරීම. සතොස වැනි අකාර්යක්ෂම රාජ්‍ය ආයතනත්, සමුපකාරයත් තොග පාලනයට තබා ගත්තා වුනත් සිල්ලර වෙළඳාමට අසාර්ථකයි. සේවකයින් රාජ්‍ය සේවයේ අධිකාරී මනසින් යුතුයි. පාරිභෝගික අධිකාරියේ අධීක්ෂණය යටතේ පුද්ගලික වෙළදසැල් නියාමනය කර භාණ්ඩ ගමට යවන්න.
පිටිගල මිලානෝ Tuesday, 31 March 2020 01:59 AM
පහට විතරක් ඉස්කෝලේ ගිහිල්ලා කෝච්චියේ වඩේ වික්ක දේශපාලකයෙක්ට ඡන්දෙ දුන්න බදුල්ලේ ආදීවාසින්ට මෙහෙම නොවී තව මොනා වෙන්නද? දැන් සැපද?