(ඩයනා උදයංගනී)
රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද අභාවප්‍රාප්ත විය.
1939 වසරේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය.
කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, සුදු හංස ධේනුව, ජීවිතය සුන්දරය, මල්දෙණියේ සිමියොන්, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරුණාවේශය, මල් මදාරා ආදී කෘතීන් ගණනාවක් ඔහු විසින් රචනා කර තිබේ. මල්දෙනියේ සිමියොන් සිනමාපටයක් බවට ද පත් විය.
අවසන් කටයුතු බදාදා (7) පස්වරුවේ පන්නිපිටිය ඇරැව්වලදී සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍යය විසින් නිසි ඇගයීමක් නොකළ දේශපාලනය විතරක්ම ආගම කරගත් මැට්ටන් පිරිසක් මෙහෙයවන රටක තවත් යුග මෙහෙවරක් අවසන්. සාහිත්‍යධර අභාවප්‍රාප්ත නන්දිමිත්‍රයන්ට නිවන් සැප ලැබේවා..!!!
මම ආසම නව කතාව.. ‘මල් මදාරා‘ ඔබට නිවන් සුව !!!
ලංකාවේ පමණක් නොව දේශ දේශාන්තර වලද ඔබේ ගම් තුලාන ඉහලින්ම ඔසවා තැබූ ආදරණීය සාහිත්‍යධරයාණනි! උතුම් නිවන් සුව ශාක්ෂාත් කර ගන්නට ප්‍රථම තව එක්වරක් අප අතරට පැමිණෙන්න!.
මෙවැනි මිනිසුන්ගේ තතු මාධ්‍ය මගින් හෙලිවෙන්නෙම නැහැ . හෙලිවෙන්නෙම අපරාධ දුෂණ මංකොල්ල වගේම පාතාල කල්ලිවල වල රටට ප්‍රජාවට අබමල් රේණුවක ප්‍රයෝජනයක් නොමැති නුගත් පුද්ගලයන්ගේ තතු පමණකි .
තවත් මහා ගසක් ඉදිරී වැටෙයි. ඔබට නිවන් සුව...!
ඔබට නිවන් සුව සාහිත්‍යධරයාණෙනි !!!
සාහිත්‍යධරයාණෙනි, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය මගින් විශ්ව සාහිත්‍ය කෙටිකතා කතුවරුන් හතළිස් දෙනෙකු සඳහා දෙන ලද උපහාරයේදී ඔබගෙන් ලද නිහතමානී අගය කිරීම ලැබුමට මාද පිංකොට තිබුණි. ඔබතුමාට නිවන් සුව.!!!