IMG-LOGO

හේමසිරිට - පූජිතට එරෙහි ප‍්‍රතිශෝධන ඇයදුම්පත සැප් 6 දා විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයදුම්පත පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප‍්‍රතිශෝධන ඇයැදුම්පත සැප්තැම්බර් 6 වැනිදා විභාග කිරීමට තීරණය කළේය.


මෙවැනි සිද්ධියකදී අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ විග‍්‍රහ කෙරෙන මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඇප නියම කිරීමට මහෙස්ත‍්‍රාත්වරියට බලයක් නොමැති බවත් මිනීමැරුම් සිද්ධියකට අදාළ සැකකරුවන්ට ඇප නියම කළ හැක්කේ මහාධිකරණයකට පමණක් බවත් පෙන්වා දුන් විනිසුරුවරයා මහේස්ත‍්‍්රා්ත්වරියගේ නියෝගය නීතීයේ අපගමනය වීමට විශාල හේතූවක් විය හැකි බවත් පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ අද (01) කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට සිටින හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය දුන් නියෝගය නීතීවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ මෙන්ම අත්තනෝමතික බව සඳහන් කරමින්  මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති මෙම ප‍්‍රතිශෝධන ඇයදුම්පත කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.



අදහස් (1)

හේමසිරිට - පූජිතට එරෙහි ප‍්‍රතිශෝධන ඇයදුම්පත සැප් 6 දා විභාගයට

isuru Thursday, 01 August 2019 04:07 PM

අවංක මෙවන් නිලධාරීන්ගෙන් පුද්ගලික ප්‍රශ්නවලදී මෙහෙම පාලි ගන්නේ ඇයි ජනාධිපතිතුමනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site