ඉන්දිකා රාමනායක
හොරොයින් පැකට් 22 ක් සිය තිසර පටයේ සඟවාගෙන ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය භූමියට පැමිණි සිටි කාන්තාවක් අද (24) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මාලනේ ප‍්‍රධාන ගේට්ටුව අසල ප‍්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි එක්දරු මවක් බවද පොලිසිය පවසයි.
මෙම කාන්තාවගේ සැමියා පෙරේදා මත්කුඩු සමඟ විශේෂ පොලිස් කණ්ඩයමක් විසින් අත්අඩංගුවට ගෙන ඔහු ද අධිකරණයට ඉදිරිපත් කිරීම නියම ඇත.
සැකකාරිය ඇගේ සැමියා බැලීමට අධිකරණයට පැමිණ සිටිය දී මෙලෙස මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකාරිය අද (24) පෙරවරුවේ අධිකරණයට ඇතුළු වීමට උත්සහ කිරීමේ දී එහි මුරකුටියේ රාජකාරියේ යෙදී මෙම කාන්තාව පරීක්ෂා කර ඇත.
එහිදී ඇගේ තිසර පටයේ කිසියම් දෙයක් සඟවාගෙන සිටිනු දැක ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමේ දී මත්කුඩු සමඟ සිය සැමියා පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බවත් ඔහුට ඇප තැබීම සඳහා රැගෙන ආ මුදල් එලෙස තන පටයේ සඟවා සිටින බවට සැකකාරිට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කරයි.
එම මුදල් අතට ගන්නා ලෙසට පොලිස් කොස්තාපල්වරිය සැකකාරියට දැනුම් දී ඇති අතර ඒ අනුව ඇය එහි තිබු මුදල් ඉවතට ගත්ත ද එහි මුදල් නෝට්ටු අතර තිබී කිසිවක් සඟවා ගෙන ඇත.
මෙම සැකකාරිය මෙම මත්කුඩු පැකට් සිය සැමියාට ලබා දීම සඳහා රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සහායෙන් බන්දනාගාර ගතවී ඉන් පසු බන්දනාගාරය තුළ මත් කුඩු වෙළදාම් කොට නැවත එළියට පැමිණෙන ක්‍රමයේ ජාවාරම පොලිස් කොස්තාපල්වරිය නිසා වැලකි ගියා.
අර ජාතක කතාවේ එන ලේනා මුහුද සිඳ වීම සඳහා වලිගය තෙම තෙමා ගොඩට ඇවිත් වලිගය ගසා දැමුවා සේ අපිත් ඔහොම කරගෙන යමු. අර ලේනා තමන්ගේ ශක්තියේ උපරිමයෙන් තමයි ඒ දේ කලේ දරු දුක නිසා. අපේ ආණ්ඩුවලට උපරිම ශක්තිය තිබිලත් වැඩ ටික නම් ලේනාගේ වගේ. හැබැයි ලේනගේ කට්ටිය පගා ගහන්නේ නම් නෑ.