IMG-LOGO

2023 දෙසැම්බර් මස 08 වන සිකුරාදා


සීගිරියේ කෝටි ගානක හොර ඉඩම් ගනුදෙනුවක්

(*** දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

ප්‍රධාන පෙළේ ධනවත් ව්‍යාපාරිකයකුගේ බිරිඳක අඩු ආදායම්ලාභිනියක ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සකස් කර සීගිරිය ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් පවරා ගැනීමේ සිද්ධියක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ.

රුපියල් කෝටි ගණනක් වටිනා පර්චස් 90කට ආසන්න මෙම ඉඩම පවරා දී ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පතක් සහ මාසික ආදායම රුපියල් 7000ට අඩු ආදායම්ලාභියකු ලෙසට කූඨ ලේඛන සකස් කිරීමෙන් පසුව බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
එම ව්‍යාජ ලේඛන සකස් කළ ග්‍රාම නිලධාරියා මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්තා කරයි.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි මෙම ග්‍රාම නිලධාරියාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව කරන ලද විමසීමකට අනුව ලැබුණු තොරතුරු මත මෙම ඉඩම් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලන්තෑව ප්‍රදේශයේ පදිංචි ඇතුගල් පේඩිගේ පද්මිණී යන අය විසින් අංක ජී ආර්/ 5/ 031539 දරන දීමනා පත්‍රයට අනුව මෙම ඉඩම පවරා දෙනු ලැබ ඇත්තේ පරණගම, දඹුල්ල ලිපිනයැති ව්‍යාපාරිකයාගේ බිරිය වෙත බව එම තොරතුරුවලින් හෙළිවී තිබේ.

එම ඉඩමේ පදිංචිව සිටි ඇතුගල් පේඩිගේ පද්මිණී යන අය තම ඉඩම නඩත්තු කරගත නොහැකි බැවින් එය තවත් අඩු ආදායම්ලාභී කාන්තාවක ලෙසින් හැඳින්වූ ව්‍යාපාරිකයාගේ බිරිය වෙත පවරා දෙන ලෙසට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර ඇත්තේ ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 05 වැනිදාය.

ආර්ථික සංවර්ධනය නගාසිටුවීම වස් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයේ ඉඩම් පැවරීම සිදුකරනු ලබන අතර, ඒ සඳහා අදාළ ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරියා සහ ඉඩම් නිලධාරී මෙන්ම ජනපද නිලධාරියා ද අදාළ හිමිකම් පරීක්ෂාකොට සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබාදිය යුතුව ඇත. එම ලේඛන සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ ඉඩම පවරා දීමට අදාළ අනුමැති ලිපියට අත්සන් කරනු ඇත.

ඒ අනුව, ඇතුගල් පේඩිගේ පද්මිණී යන අයට අයත් අංක ජී ආර්/ 5/ 031539 දරන රූඩ් 02 පර්චස් 15.1 ක මෙම ඉඩම් කොටස ව්‍යාපාරිකයාගේ බිරියට බැහැර කිරීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා අත්සන් කර ඇත්තේ ඉකුත් 2020 දෙසැම්බර් මස 14 වැනිදාය.

පැවරුම්කාරියගේ ස්වාමිපුරුෂයා ගොවිතැන් කරන බවත්, ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 7000/-ට අඩු බවත් සඳහන් කරමින් ග්‍රාම නිලධාරියා සහතිකයක් ලබා දී තිබුණේ ඉකුත් 2020 ඔක්තෝබර් මස 29 වැනිදාය. එම දෙපළට අවුරුදු 18ට වැඩි අවිවාහක දරුවන් නොමැති බවත් වෙනත් යැපෙන්නන් නොමැති බවත්, එම සහතිකයේ සඳහන්කොට ඇත.

මෙම ඉඩමේ පැවරුම්කාරිය ඉහළ ඇරැවුල, දඹුල්ලේ පදිංචි බවට සනාථ කිරීම සඳහා එම ලිපිනය සහිත ජාතික හැඳුනුම්පතක ඡායා පිටපතක් අදාළ ලිපිගොනුවට ඉදිරිපත් කර ඇති නමුත්, එම ලිපිනයෙහි අදාළ නම සහිත කාන්තාවක හෝ දරුපවුලක් පදිංචිව නොමැති බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව කිසිදු තොරතුරක් නොමැති බවත් එවන් ජාතික හැඳුනුම්පතක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර නොමැති බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් දත්ත මත කූට ලේඛන සකස්කොට මෙම ඉඩම් පවරා ගැනීමේ සියලු තොරතුරු, තොරතුරු දැනගැනීමේ පනතට අනුව අනාවරණය කර ගැනීමට හැකි විය. මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරියාගේ සේවය අත්හිටුවීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරා මහතාගෙන් විමසීමක් කළෙමු.

ව්‍යාජ ලිපිලේඛන සකස් කර රජයේ ඉඩමක් පැවරීම සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණයකට අනුව මෙම ග්‍රාම නිලධාරියාගේ සේවය අත්හිටු වූ බවත්, මේ සම්බන්ධයෙන් ඔහුට ආධාර අනුබල දුන් තවත් කණ්ඩායම් හෝ පුද්ගලයකු ඇත්නම් ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකර ඔවුන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා සඳහන් කළේ, පහළ නිලධාරීන් ලිපි ගොනුව සකස්කොට සනාථ කර තිබීම හේතුවෙන් තමා එම ඉඩම් පැවරීමට අදාළව එම ලිපිගොනුවට අත්සන් යෙදූ බවය.

ඉඩම් හිමිකම් පැවරීමේ සිද්ධියකදී ග්‍රාම නිලධාරියා සහ ඉඩම් නිලධාරීවරයා ඇතුළු කණ්ඩායමක් විශේෂ පෝරම් කිහිපයක් පිරවිය යුතුව ඇති බවත්, අඩු ආදායම්ලාභියකු බවට සහතික කිරීම, දරුවන් ඇත්නම් ඒ අයගේ කැමැත්ත ලබාගැනීම, වෙනත් සම්බන්ධකම් ඇත්නම් එය සනාථ කිරීම, පදිංචිය සනාථ කිරීම ආදී සියල්ල පහළ නිලධාරීන් විසින් සිදුකළ යුතුව ඇති බවත් හෙතෙම පැවසී යැයි මේ සියල්ල සිදුකිරීමෙන් පසු තමන් ඉදිරියට ආ ලිපි ගොනුවට තම අත්සන යෙදූ බව ද ඔහු සඳහන් කළේය.

එහෙත් පසුව මෙම ඉඩම වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීමට අවශ්‍ය බවට තමාට ලද දුරකතන ඇමතුමකට අනුව අදාළ ලිපි ගොනුව පරීක්ෂා කළ බවත්, එහිදී වැරදි තොරතුරු ඇතුළත් කොට මෙම පැවරීම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් ඔහු පැවසීය.

මෙම ඉඩමේ පෙර අයිතිකාරිය වූ පේඩිගේ පද්මිණී යන අයගෙන් ඉඩමේ පැවරීම සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ, තමාත් තම සැමියාත් දැඩි ලෙස ගිලන්ව සිටින බැවින් තම ඉඩම ආසන්නයේ සිටි මහතෙකු තමන්ට මුදල්වලින් උපකාර කළ බැවින් එම ඉඩම ඔහුට පැවරූ බවය.

පරණගම දඹුල්ල ලිපිනයේ පදිංචි බව කියන අඩු ආදායම්ලාභී කාන්තාව කවුද යන්න තමන් හඳුනන්නේ නැති බව ද ඇය සඳහන් කළාය.

මෙම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් අදාළ ලිපිගොනු සඳහා සාක්ෂිකරුවන් ලෙස ඩබ්ලිව්.ජී.අයි. සංජීව අසේල මහතා සහ ඩබ්ලිව්.ජී.ඒ.එල්.ජී වර්ණසූරිය යන දෙදෙනා අත්සන් කර ඇති අතර ඔවුන්ගෙන් කරන ලද විමසීමේදී ඩබ්ලිව්.ජී.ඒ.ජී. වර්ණසූරිය මහතා සඳහන් කළේ තමන් හිතවතකු මාර්ගයෙන් මෙය අත්සන් කළ බවත් තමන් වෙනත් කිසිවක් නොදන්නා බවත්ය.

මෙහි සාක්ෂි ලෙසින් අත්සන් තැබූ ජී.අයි. සංජීව අසේල මහතා සඳහන් කළේ, පැවරුම්කාරිය වසර 10ක පමණ සිට තමන් දන්නා හඳුනන නිසාත්, අදාළ ඉඩමේ හිමිකාරියට සහ ඇගේ සැමියාට උදව් උපකාර කිරීම නිසාත් මෙම ඉඩම පැවරීමට අවශ්‍ය කටයුතු තමන් විසින් සිදුකරනු ලැබූ බවය. එසේම, එම ලිපිගොනුවල වරදක් ඇති බැවින් තමන් ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා ද දැනුවත් කළ බවද හෙතෙම පැවසීය.
මෙම ඉඩමේ පැවරුම්කාරිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ ගත් අවස්ථාවේදී ඇය විදේශගතව සිටින බවට හෙළිවිණි.

 



අදහස් (4)

සීගිරියේ කෝටි ගානක හොර ඉඩම් ගනුදෙනුවක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 March 2021 09:30 AM

"සීගිරි පර්වතයේ ගල් මෝලක් දමමු.. ගස්ටික කපා සැම සිව්පා මස්කරමු... ඇල දොළ ගං ජලය සිඳවා හිස්කරමු... ඔක්සිජන් කන්න කී ඇමැතියා රජ කරමු...

:       1       14

Nuwan Tuesday, 02 March 2021 12:44 PM

සීගිරිය ගල්කොරියකට දුන්නේ නැතිනම් මේ ආණ්ඩුව... ඉර අනික් පැත්තෙන් පායනවා... ඕන් කිව්වා.!!! 

:       1       7

WCA Tuesday, 02 March 2021 03:07 PM

ප්‍රධාන පෙළේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්... ඔය ග්‍රාමසේවකට වුණා වගේ ඕකට දඬුවමක් හම්බවුනොත් අපිටත් කියන්න හොඳේ...

:       0       5

දිමුත් Wednesday, 03 March 2021 05:37 AM

ඔය වගේ ඒවා තව කීයක් රටපුරා වෙලා තියෙනවද දන්නැහැ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බුවනෙකබා රාජ සභා මණ්ඩපය’’කැඩුවාට අධිචෝදනා බාර දෙයි
2023 දෙසැම්බර් මස 07 486 0

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබේ.


වෑදූ මවත් හදා ගන්න ගිය මවුවරුත් රිමාන්ඩ්
2023 දෙසැම්බර් මස 07 230 0

නිවුන් දරුවන් දෙදෙනකු රුපියල් 25 දහසකට අලෙවි කළ බව කියන මවක සහ සිඟති දරුවන් මිලදී ගත් බව කියන කාන්තාවන් දෙදෙනා අද දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වැලි


මහ වැස්සෙන් මාර්ග රැසක් වැහේ
2023 දෙසැම්බර් මස 07 274 0

අධික වර්ෂාවත් සමග බදුල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මහා මාර්ගවලට පස් කඳු කඩාවැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.


අනවසර පදික වෙළෙන්දන්ට අනතුරු ඇඟවීමක්
2023 දෙසැම්බර් මස 07 659 0

මාර්ග නීති කඩමින් රට පුරා එක් එක්කෙනාට හිතුමතේ මාර්ගයේ කඩ දැමීමට ඉඩ දිය නොහැකි බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


‘වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ’
2023 දෙසැම්බර් මස 07 811 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


අධිකරණ ගබඩාවෙන් පන්නන්න ගිය තවත් ගිනි අවියක් හමුවෙයි
2023 දෙසැම්බර් මස 07 362 0

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පිටතට විකිනීම සදහා රැගෙන යාමට සූදානම් කර තිබු තවත් රිවෝල්වරයක් එම කාමරයේ වෙනත් ස්ථානයක ගෝ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 986 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 743 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4723 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site