
(අමිල සම්පත් ශ්‍රී)
සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු කතරගම වැඩිහිටි කන්කන්ද වැඳපුදා ගැනීමට කිය අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි රෝහල් පොලිසිය කියයි.
අම්බලන්ගොඩ උස්මදුලාව පදිංචි විසි අට හැවිරිදි ඒ සලිත දිල්ශාන් නැමැති සිසුවා එසේ මියගොස් ඇත.
තවත් සිසු සිසුවියන් 18 දෙනකු කතරගම වැඩිහිටි කන්ද වැඳපුදා ගැනීමට ගොස් ඇති අවස්ථාවේ උඩමළුවට ආසන්නයේ දී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කතරගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී ද එම සිසුවා මිය ගොස් ඇති බව වෛද්‍යවරයා සඳහන් කළ බව පැමිණි සිසුන් සඳහන් කළේය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ.. මොනතරම් ලස්සන පෙනුමක් ඇති තරුණයෙක්ද? අම්මලා, තාත්තලා මේ දුක කෙසේ ඉවසන්නද?
පව් අහිංසක ළමයා.. කොරෝනාවත් තිබුණද? කවුරු කවුරුත් මේ දවස්වල ප්‍රෙව්සමින් වැඩකරන්න ඕනෑ... වෙනදා වගේ සෙල්ලමකට ගන්නේ නැතිව.
මෙවැනි අකල් මරණ බහුලයි. හේතුව තුන්වැනි මාත්‍රාවද?
මේ කන්ද වැඩිහිටි නොවෙයි (බලන්න වැඩිහිටි නිවාසය ) වැඩසිටි කන්ද නැත්නම් වැඩහිටි කන්ද කියලා වෙනස් වෙන්න ඕනෑ.. වැඩිහිටියන් කියන්නේ වයසක අයට.. වැඩ සිටිනවා කියන්නේ පූජ්‍ය පක්ෂයේ අය නැවතී ඉන්නවා වගේ අදහසක්..!
පව්, හොඳ දරුවෙක් වගේ නිවන්සුව ලැබේවා...!!!
අනේ ලස්සන පුතෙක්... අම්මලා තාත්තලාට මොන වේදනාවක් ඇතිද? පුතේ ඔයාගේ ආත්මය දෙවියන් වහන්සේ තුළ සමාදානයේ සැතපේවා..!