( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අද (24) සවස තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
මොවුන් දෙදෙනා අලව්ව සහ පොල්ගහවෙල පදිංචිකරුවන් වේ . මේ ආසාදිතයන් දෙදෙනාද සමග මේවනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන සිටින කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 5 කි . ඉන් තිදෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වේ .
මොවුන් තිදෙනාම වැලිසර කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණ ඇති අය බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.